පමුණුගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හිටිහැටියේ අත්අඩංගුවට

පාතාල නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ඩුබායිහි දී මියගිය රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුෂාන් හෙවත්, කෙසෙල්වත්ත දිනුක සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනා මත පමුණුගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වහා ම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ වැඩ තහනම් කර ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ.

කොටහේන පොලිසියේ නිලධාරීන් පිරිසක් දිනුකගේ කෙසෙල්වත්තේ පිහිටි නිවස හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

එහි දී මෙම පොලිස් පරීක්ෂකවරයා එම නිවසේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ඔහු ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණවල දී හෙලි වී ඇත්තේ මොහු කෙසෙල්වත්ත පොලිසියේ සේවය කළ සමයේ කෙසෙල්වත්තේ දිනුක නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
3
30.svg?v=2.6
කුජීතයි !
5
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මවක් තමාට සහ තම දියණියන් තිදෙනාට කල අහස පොළව නුහුලන අපරාධය

සිය දියණියන් තිදෙනාට වස පානය කිරීමට සලස්වා මවද වස පානය කළ ඛේදනීය පුවතක් බදුල්ල...

දඹුල්ලම කම්පාකල දාහතර හැවිරිදි පාසල් දැරියගේ ඝාතකයා ගමෙන් පනින CCTV හමුවෙයි

“මට දරුවෝ පස්දෙනෙක් ඉන්නවා. නැතිවෙලා ඉන්නේ මගේ බාල දුව. එයාට වයස අවුරුදු 14යි. වැඩිමහල්...

අද සවස ට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (25) සවස 01.00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති...

සුදුලූණු වංචාවට ලොක්කෙක්ගේ පුතෙක් අත්අඩංගුවට

ඊයේ (22) දිනයේ දී සතොස සුදුලූණූ වංචාවට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ...

රෝහිත රාජපක්ෂ නාවික හමුදාවේ පන්දුවක් හමුවේ බිංදුවට දැවී යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ අද දිනයේදී පළමු වරට දේශීය ක්‍රිකට්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x