31 C
Colombo
Tuesday, April 20, 2021

පරිසරයට හානි කරන එකම පුද්ගලයා මම ව‌ගේ තමයි සමාජ මාධ්‍ය දිහා බැලුවම තේරෙන්නේ – ජනපති

විලාසිතාවක් ලෙසට පරිසරය ගැන අදහස් පළ නොකර සෑම කෙනෙක්ම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉටු කරන්නේනම් පරිසරය ආරක්ෂා කර ගැනීමට ඉතා පහසු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

‘සුරකිමු ගංගා’ ජාතික වැඩසටහනට අද (22) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කරන ලදි.

පරිසර දුෂණය අද සියලුදෙනාගේ සාකච්ඡාවට බඳුන්වී ඇති බවත් ඒ සඳහා නොයෙකුත් මතවාදයන් ඉදිරිපත් කර ඇති බවත් ජනපතිවරයා පෙන්වා දෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“මම තමයි පරිසරයට අහිතකර එකම පුද්ගලයා වගේ තමයි සමාජ මාධ්‍ය දෙස බැලුවහම තේරෙන්නේ. මම තමයි ගස් කපන්නේ, මගේ කර්මාන්ත තමයි අපද්‍රව්‍ය ඔක්කෝම ගංගාවලට එකතු කරන්නේ. මම තමයි පහත්බිම් ගොඩකරන්නේ, මේ සියලුම දේ කරන්නේ මම වගේ තමයි සමාජ මාධ්‍ය දෙස බැලුවහම පේන්නේ. පරිසරය ගැන කථා කරන අයගෙන් ඉල්ලා සිටිනවා හුදෙක් විලාසිතාවක් වෙන්න පරිසරය ගැන කථා නොකර, හැමකෙනෙක් ම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා නම් අපිට මේ පරිසරය ආරක්ෂා කර ගැනීමට හරිම පහසුයි.“

මෙරට ගංගා සංරක්ෂණය සඳහා පරිසර අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ක්‍රියාවට නංවන ගං ඉවුරු ආරක්ෂා කිරීමේ ‘සුරකිමු ගංගා’ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. කතරගම මැණික් ගං ඉවුර අසලට පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් ‘සුරකිමු ගංගා’ ස්මාරකය විවෘත කළේය. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරාධිතයින් උත්සව සභාවට පැමිණියේ ඉන් අනතුරවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අලුත් සිතුම් පැතුම් සමග නව මාවතකට කාලය එළැඹ ඇත

පවතින අභියෝග සැලකිල්ලට ගනිමින් අලුත් සිතුම් පැතුම් සමග සෞභාග්‍යවත් දේශයක් උදෙසා නව මාවතක ගමන්...

කිසිදු භේදයකින් තොරව දැහැමි සිතුවිලි සමග අවුරුදු සමරමු – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

සමස්ත ජනතාව කිසිදු භේදයකින් හා වෙනසකින් තොරව සෞම්‍ය හා දැහැමි සිතිවිලි ඇතිව සිංහල දෙමළ...

සිංහල-හින්දු අවුරුද්ද ලෝකයට ආශිර්වාදයක්

සොබාදහම සමග වන ජීවිතයේ වටිනාකම ඉස්මතු කරන සිංහල හින්දු අලුත් අවුරුද්ද සමාජයටත් ලෝකයටත් ආශිර්වාදයක්...

කියපු දේ වරදවා වටහාගෙන – කාදිනල් හිමියන් කියයි (වීඩියෝ)

පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකිරීම සඳහා ලබන අප්‍රේල් 21 වන දින පෙරවරු 8.45 සිට විනාඩි...

අපගේ නවතම පුවත්

2
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x