28 C
Colombo
Sunday, September 19, 2021

පරෙයියන් ඇල්ලේ දිය නෑමට ගිය එකම පවුලේ නංගි සහ අයියා දියේ ගිලී මරුට

බඩල්කුඹුර පොලිස් බල ප්‍රදේශයේ පිහිටා ඇති පරෙයියන් දිය ඇල්ලේ දිය නෑමට ගිය එකම පවුලේ දෙදෙනකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

ඔක්කම්පිටිය ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පරෙයියන් ඇල්ල නැරඹීමට සහ එහි දිය නෑමට ඊයේ (1) පස්වරුවේ ගොස් ඇත.

එහිදී එක් වරම එම ස්ථානයේ සිටි තරුණියක් දියවලකට ඇද වැටී ඇති අතර ඇයව බේරාගැනීම සදහා ඇගේ සහෝදරයා ද එම දියවලට පැන තිබෙනවා.

පසුව එම දෙදෙනාම දියේ ගිලී මියගොස් ඇති අතර විනාඩි කිහිපයකින් පසු ඔවුන්ගේ සිරුරු ගොඩ ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
 
මෙසේ මියගොස් ඇත්තේ ගාමිණීපුර,ඔක්කම්පිටිය ලිපිනයේ පදිංචි වයස අවුරුදු විසිතුනක් වන තරුණියක් සහ ඇගේ සහෝදරයා වන තිස්හැවිරිදි තරුණයෙක් බව බඩල්කුඹුර පොලිසිය පවසනවා.
 
ඔවුන් දෙදෙනා එකම පවුලේ නංගි සහ අයියා වන අතර මියගිය දෙදෙනාගේ සිරුරු වැඩි දුර විමර්ශන සදහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත ගෙනගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු පවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
3
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
285
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
4
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
10
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

මහ බැංකු අධිපති ධූරය කටු ඔටුන්නක් – කබ්රාල්

මහ බැංකු අධිපති ධූරය කටු ඔටුන්නක් බව තමා දන්නා බව එම ධූරයට නැවත පත්කළ...

ඇදිරිනීතිය ලබන මස දක්වා දීර්ඝ කල යුතුයි – අලුත්ම අදහස මෙන්න

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස විශේෂඥ...

කොරෝනාවට තිත තබන කාලය පැමිණෙයි

කොරෝනා වෛරසයට එරෙහිව සුපිරි ප්‍රතිශක්තියක් සහිත දෙමුහුන් ප්‍රතිශක්තිකරණයක් මේ වන විට ලොව ඇතැම් පුද්ගලයන්...

කොරෝනාවෙන් මලොත් රජයෙන් ලැබෙන දේ

කොවිඩ් රෝගය වැළඳී මියයන පුද්ගලයින්ගේ ආදාහන කටයුතු සිදු කිරීමේදී පළාත් පාලන අමාත්‍යාංශයේ ආදාහනාගාර සඳහා...

අවසර නැතුව එලියට බැසොත් වෙන දේ

බස්නාහිර පළාතට ඇතුළු වන මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 295 දෙනෙක් නියමිත...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x