පවතින තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩතැබිය නොහැකියි – ජනපති

ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පවතින තත්ත්වය හමුවේ වුවද රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි බවත් අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමේ දී සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවත් පැවසූ ජනාධිපතිවරයා කර්මාන්තශාලා සහ සංවර්ධන ව්‍යාපෘති  අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවසීය.

පළාත් ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු සමග අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති මාසික හමුවේ දී ජනාධිපතිවරයා ඒ  බව සඳහන් කළේය.

කර්මාන්තශාලාවක් හෝ සංවර්ධන ව්‍යාපෘතියක් ආශ්‍රිතව ආසාදීතයෙකු හඳුනාගත්විට එම කර්මාන්තශාලාව හෝ ව්යාතපෘතිය එක්වරම වසා දැමීම වෙනුවට සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් අඛණ්ඩව පවත්වාගෙන යාහැකි පරිසරය ඇතිකිරීමේ වැදගත්කම ඔහු මෙහිදී පෙන්වා දී තිබේ. 

සංචරණ සීමා හමුවේ ජන ජීවිතයට එල්ල වී ඇති අභියෝග සහ ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනය පහතින් දැක්වේ…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඇසළ පුර පසළොස්වක පොහොය අද

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ.භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන...

ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

තවත් ෆයිසර් කොරෝනා මර්දන එන්නත් තොගයක් අද දිනයේ දිවයිනට ලැබී තිබෙනවා.

රට විවෘත කරන කාලය ගැන ජනපතිගෙන් දැනුම් දීමක්

සැප්තැම්බර් මාසයෙන් පසු රට වසා දැමීමට කටයුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට...

ගුරු-විදුහල්පති ඉල්ලීම්වලට විසඳුම් ගැන අගමැතිගෙන් නිවේදනයක්

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව සහ සංවෘත්ත සේවාවක් බවට පත්කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x