31 C
Colombo
Tuesday, April 20, 2021

පවිත්‍රා චීන එන්නතට විරුද්ධ වූ විශේෂඥ වෛද්‍යවරයා කමිටුවෙන් පන්නා දමයි

කොවිඩ් 19 සඳහා චීනය නිපදවූ Sinopharm එන්නත මෙරට ලියාපදිංචිය සම්බන්ධයෙන් වන අර්බුදය දිග් ගැසෙමින් තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාජික ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යපවිත්‍රා වන්නිඅරච්චි කටයුතු කර ඇත. පසුගිය සති දෙක තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉවත් කළ 7වන සාමාජිකයා ඔහුය. එම ඉවත් කළ අය අතර කොවිඩ් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසියානු කලාපීය නියෝජිතයා වන වෛද්‍ය පාලිත අභයකෝන් සහ ඖෂධ අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා වෙති.

මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ සාමාජික විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ද චීන එන්නත ලබා දීමට විරෝධය පළ කර ඇත.
මෙම චීන එන්නත සඳහා තවම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව නැත. ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙම එන්නන ගැන උපදෙස් ලබාගැනීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව මෙම එන්නත අනුමත කර නොමැත. එයට හේතුවී ඇත්තේ එන්නත සම්බන්ධ තොරතුරු ලබාදීමට චීන සමාගම කටයුතු නොකිරීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
2
කුජීතයි !
13
මලපනිනව !
2
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඇබර්ඩීන් ඇල්ලේ දිය නෑමට ගිය දරුවෙකු දියේ ගිලී මියයයි

ගිනිගත්හේන පොලිස් වසමේ පිහිටි ඇබර්ඩීන් ඇල්ල නැරඹීමට පැමිණ එහි පහළ ජලාශයේ දිය නෑමට ගිය...

නිවස අසලදී තරුණියකට නිරුවත පෙන්වූ පුද්ගලයා අත්අඩංගුවට

කිරුළපන කොළඹගේ මාවතේ පස්වන පටුමග ප්‍රදේශයේ දී තම නිවස අසල සිටි තරුණියකට නිරුවත පෙන්වූ...

ඉදිරි සති තුන තීරණාත්මකයි – යුද හමුදාපති

ඉදිරි සති තුනක කාලය තීරණාත්මක කාලසීමාවක් නිසා අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයිනේ විවිධ ප්‍රදේශවල...

ගිනි අවි සහ උණ්ඩ සමග 3ක් අත්අඩංගුවට

පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුම්වලදී ප්‍රදේශ කිහිපයකින් ගිනි අවි සමග පුද්ගලයන්...

කොවිෂිල්ඩ් එන්නතේ අතුරු ප්‍රතිඵල නිසා සිදුවූ මරණ කිහිපයක්ම මෙරටින් වාර්තා වෙනවා

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ අතුරු ප්‍රතිඵල ලෙස සිදුවූ මරණ කිහිපයක්ම මෙරටින් වාර්තා වී ඇති...

කළු සාගල හා මුතූගේ කඩු ජාවාරම

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 500 ක් සමග තලංගමදී යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x