25 C
Colombo
Sunday, April 11, 2021

පස්සර බස් අනතුරින් මවුපියන් අහිමි වූ දරු තිදෙනා අසරණයි

ඉකුත් 20 වැනිදා පස්සර 13 කණුව ප්‍රදේශයේදී අඩි 250ක් පමණ වූ ප්‍රපාතයකට පෙරළී සිය මවුපියන් ජීවිතක්ෂයට පත්වීම නිසා ලුණුගල අඩාවත්ත ප්‍රදේශයේ අවුරුදු 8,7 සහ 3 යන වයස්වල පසුවන දරුවන් තිදෙනකු අසරණ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

ලුණුගල අඩාවත්තේ පදිංචිව සිටි අන්තෝනි නෝවා (46) සහ බෙනඩික් මෙරෝනා(31)යන අඹුසැමියන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

දරුවන්ගේ මිත්තණිය වන අයි. සෙල්වනාගයම් පවසන්නේ මේ දරුවන් රැක බලාගැනීම සඳහා කාගේ හෝ උදව් අවශ්‍ය බවයි.

‘පුතා රැකියාවට කළේ වයරින් වැඩ. පුතාගේ ඇහැක ඔපරේෂන් එකක් තිබුණා. ඒකට බදුල්ල ඉස්පිරිතාලෙට යද්දි තනියට ලේලිත් එයත් එක්ක ගියා.

ලේලි යන්න කලින් මට කිව්වා අම්මේ බබාලා හොඳට බලාගන්න. බබාලා නාවලා කෑම කවන්න කියලා.

මම කෑම හද හදා ඉන්දෙද්දී ආරංචි වුණා බස් එක පෙරළිලා පුතයි ලේලියි මැරුණා කියලා.

අනේ දෙයියනේ මේ දරු තුන්දෙනා මාත් එක්කම අසරණ වුණා. අපිට ජීවත්වෙන්න විදිහක් නැහැ.’ එම මිත්තණිය වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
8
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අවුරුද්දට සල්ලි හොයන්න පුවක් ගහට නැගී සිව්දරු පියාට අත්වූ ඉරණම

අවුරුද්දට මුදල් සෙවීම සඳහා පුවක් කැඩීමට ගිය පුද්ගලයෙකු ගස කඩාවැටීමෙන් ජීවිතක‍ෂයට පත්ව තිබෙනවා.මෙම අවාසනාවන්ත...

චීන කොරෝනා එන්නත විෂ එන්නතක්..

අද (06) සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්ණ වටයෙදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම ලක්ෂ්මන්...

ආණ්ඩුව දිනපතා රටට මාතෘකා සපයනවා – විපක්ෂය කියයි.

වත්මන් ආණ්ඩුව දෛනිකව රටට මාතෘකා සපයන තත්වයට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක අභාවප්‍රාප්ත වෙයි

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.ඔහු මියයන විට 58 හැවිරිදි...

පසුපෙළ මන්ත්‍රීවරුන්ට ලැබුණ වරප්‍රසාදය

පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයන්ට හදිසි පොදු වැදගත්කමකින් යුතු කාරණයක් පිළිබඳව සභාව කල් තබනු ලබන අවස්ථාවේදී...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x