25 C
Colombo
Sunday, April 11, 2021

පස්හැවිරිදි දැරිය කෙළෙසු දෙදරු පියාට අධිකරණයෙන් ලැබුණු දඩුවම

තම නිවසට සිය දියණිය සමඟ සෙල්ලම් කිරීමට පැමිණි පස්හැවිරිදි ළාබාල දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීම ඇතුළු අධිචෝදනා තුනකට වරදකරු කරනු ලැබූ 35 හැවිරිදි දෙදරු පියකුට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා බරපතළ වැඩ සහිත වසර 34 ක සිරදඬුවමක් පනවා එකී දඬුවම් කාලය වසර 15 කින් එකවර ගෙවී යන ලෙස ලබාදීමට නියෝග කර තිබෙනවා . එයට අමතරව එම විත්තිකරුට රුපියල් 10,000 ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා වින්දිත දැරියට රුපියල් ලක්‍ෂ දෙකක වන්දියක් ගෙවීමට ද නියෝග කර තිබෙන අතර එකී දඩය හා වන්දිය නොගෙවන්නේ නම් පෙර කී වසර 15 ක අනිවාර්ය සිර දඬුවමට අමතරව තවත් වසර පහක ලිහිල් සිර දඬුවම් ලබාදීමට විනිසුරු දමිත් තොටවත්ත මහතා නියම කර තිබෙනවා

කොළඹ නාගරික ප‍්‍රදේශයක පදිංචිකරුවකු වන එම විත්තිකරු මෙයට වසර කිහිපයකට පෙර අසල්වැසි නිවසක විසූ එම දැරිය ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේදී ඔහුගේ දියණියව අසල පිහිටි වෙළෙඳ සලකට යවා එම දැරිය නාන කාමරයට ගෙන ගොස් එකී අපරාධය සිදුකර ඇති බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා එම දඬුවම නියම කළ අතර දෙවන අධිචෝදනාවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ගූගල් අලුත්ම පියවර ලංකාවට

ශ්‍රී ලංකාව තුළ ගෘහස්ත සිතියම් තාක්ෂණය හඳුන්වාදුන් පළමු අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකන් ගුවන්...

විභාගයට පෙනී සිටි දැරිය හදිසියේ මියයයි

වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර විද්‍යාලයේ සිසුවියක වාර විභාගයට ලියමින් සිටියදී අසනිපව රෝහල් ගත කිරිමේන් පසුව මරණයට...

ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන්ට පොලිස් ඇප

රණවිරු බිරින්දෑවරුන්ගේ අයිතිය සුරැකීමේ එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණ පෙළපාලියේදී කොටුව පොලිසියේ ජීප් රථයට ගල්මුල්...

මොහාන් සමරනායකට ආණ්ඩුවෙන් ලොකු පුටුවක්

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා (09) පත් කර...

පොහොට්ටු මන්ත‍්‍රී ජගත් කුමාරට හූ කියා කුණු බිත්තර ගහයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාට පාදුක්ක සම්බන්ධීකරණ කමිටු...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x