පළාත් කිහිපයකට අදත් වැසි

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් අද (14) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි වියහැකි බවද පෙන්වා දෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අපහසුතා ඇතත් ආදරණිය යුවළකගේ විවාහයේ ඡායාරූප

ජිවිතේ විඳින්න, අත්දැකීම් ගන්න, කන් ඇහෙන්නම ඕන නැහැ. මොන ආබාධයක් තිබ්බත් හිතේ හයියෙන් ජිවිතේ...

ඇෆ්ගනිස්ථානයට විශිෂ්ට ජයක්

ඇෆ්ගනිස්ථානය සහ ස්කොට්ලන්තය  අතර පැවති  තරගයෙ මුලින්ම පන්දුවටට  පහර දුන්  ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20...

නුගේගොඩ හතේ කණුවේ සිදු වු මාරක රිය අනතුරෙහි ඇඟ කිළිපොලා යන CCTV දර්ශන මෙන්න

නුගේගොඩ හයිලෙවල් මාර්ගයේ හතේ කනුව ආසන්නයේ මෝටර් රථයක් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී සිදු වූ...

මුල්ලේරියාවේ සිදුවූ අභිරහස් ඝාතනයේ සුලමුල CCTV දර්ශනවලින් හෙළිවෙයි

මුල්ලේරියාව පොලිස් වසමේ දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී අද (26) සිදුකළ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින් එම නිවසට...

කැනඩාවට ආසන්න මුහුදේ දී රසායනික ද්‍රව්‍ය රැගත් බහලුම් නෞකාවක ගින්නක්

කැනඩාවේ වැන්කුවර් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී රසායනික ද්‍රව්‍ය රැගත් බහලුම් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා. මෙලෙස...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x