ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකිය.

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින්විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ලොව සුපතල සංගීත වැඩකරුවෙකු වන ඒ. ආර්. රහුමාන්ව පසු කළ අපේ “මැණිකේ”, යළිත් වාර්තා අතරට

ඒ. ආර්. රහුමාන් කියන නම ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැ. ඉන්දියාවේ සුපතල ගී...

රට යළි සෞඛ්‍ය අවදානමක – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ජනතාව සෞඛ්‍ය පිළිවෙත්වලට අනුගතව කටයුතු නොකළ හොත් ඉදිරියේදී රට යළි සෞඛ්‍ය අවදානමකට ලක්විය හැකි...

පෝළිමේ ඉන්නේ නැතිව වාහන ආදායම් බලපත්‍රය ගන්නේ මෙහෙමයි

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිඳවැටීම් හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ බස්නාහිර පළාතේ ලියාපදිංචි...

සුරූපී සනී ලියෝන්, දියණියගේ උපන්දිනය දා මුහුණු පොතේ දැමූ ඡායාරූප මෙන්න

නිල් නිළියක් ලෙස කරළියට පැමිණ පසුව බොලිවුඩයේ සුරූපී නිළියක් බවට පත්වුණු සනී ලියෝන්ව නොදන්න...

යුරේනි නොෂිකා බුකිය උණුහුම් කරමින් යළිත් කරළියට

යුරේනි නොෂිකා කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්. විලාසිතා නිසාමයි යුරේනි සමාජ මාධ්‍යවල කතාබහට ලක්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x