ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී 75 ඉක්මවු තද වැසි ඇති වේ.

මේ අතර, දිවයිනට ගිනිකොණ දෙසින් වන පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව පවතින බැවින්, හෙට (01) සහ අනිද්දා (02) දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ගමම හඬවමින් අවසන් ගමන් ගිය 25 හැවිරිදි තරුණයා

හැටන් සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සාගොස් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන්...

මිණිබිරිය නිසා තනතුරෙන් නොයා ඉන්න විදුහල්පතිනිය

විශ්‍රාම යාමෙන් පසුවත් තනතුරේ රැඳී සිටීමට කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක විදුහල්පතිනියක් මේ දිනවල...

හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල් කෙරේ

අමෙරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රැධිරගත රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා. හිටපු ජනාධිපතවරයා හදිසි...

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක්

මීට පෙර ලබාගත් ඉන්ධන වෙනුවෙන් ඊයේ දිනය වන විට ගෙවීමට තිබූ මුදල රුපියල් බිලියන...

මිනී මස් කන අතිභයානක ‘පිරානා’ මාළු දියවන්නා-කැළණි-බොල්ගොඩින් මතුවෙයි

මිනිස් මාංශ ආහාරයට ගන්නා මත්ස්‍ය වර්ග වන ‘පිරානා’වැනි මත්ස්‍යයන් ලංකාවේ සිටින බවට වාර්තා වී...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x