29 C
Colombo
Monday, June 21, 2021
logo

ප්‍රභාකරන්ගේ මස්සිනාගේ නිවස වටා විශේෂ මෙහෙයුමක්

දෙමළ ජනතා සන්ධානයේ ලේකම් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී එම්. කේ. ශිවාජිලිංගම්ගේ නිවස හා එය පිහිටි ප්‍රදේශය දැඩි පරීක්ෂාවට ලක් කිරීමට ආරක්ෂක අංශ ක්‍රියා කර තිබෙනවා.

මෙම මෙහෙයුම සඳහා යුද හමුදාවේ හා පොලිසියේ විශාල පිරිසක් පැමිණ තිබෙන බව සඳහන්.

යුද්ධයේදී මිය ගිය පිරිස සමරා උතුරේදී ආරම්භ වන සැමරුම් සතියේ පළමු දිනය වෙනුවෙන් ශිවාජිලිංගම් හිටපු මන්ත‍්‍රීවරයා ඔහුගේ නිවස ඉදිරියේ බැනරයක් යොදා ඇති බව සඳහන්.

අනතුරුව එම ස්ථානයේ පහන් දැල්වීමක් ද සංවිධානය කිරීමට ඔහු ක්‍රියා කර තිබෙනවා.

මෙය සැළවීමෙන් පසුවයි ආරක්ෂක අංශ ඔහුගේ නිවස වටා වූ ප‍්‍රදේශය පරීක්ෂාවට ලක් කොට තිබෙන්නේ.

කෙසේ නමුත් ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ ආරක්ෂක අංශවල කිසි කෙනෙකු සිය නිවස තුළට නොපැමිණි බව යි.

මේ අතර යාපනයේ ආරක්ෂක අංශ නිලධාරියකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කොට තිබෙන්නේ, හිටපු මන්ත‍්‍රීවරයාගේ නිවසේ සිට රාත්‍රී කාලයේ විශාල පිරිසක් මුලතිව් බලා රිය පෙරහැරකින් ගමන් කිරීමට කටයුතු යොදා ඇති බවට තොරතුරක් ලැබුණු බවයි.

එම තොරතුර මත එම ක‍්‍රියාව කොවිඩ් මර්දන නීතිවලට පටහැනි නිසා ඔහුගේ නිවස ආසන්නයේ ආරක්ෂක අංශ රැඳී සිටි බවද ඔහු පවසා තිබෙනවා.

එම්.කේ. සිවාජිලිංගම් යනු එල්ටීටීඊ නායක ප්‍රභාකරන්නේ ඥාතියෙකු ද වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කාලගුණ අනාවැකි

බස්නාහිර, මධ්‍යම,සබරගමුවසහවයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්...

ජනපති සහ TNA මන්ත්‍රීවරු අතර හමුවක්

දෙමළ ජාතික සංධානයේ නියෝජිතයන් පිරිසක් හෙට දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වීමට නියමිතව...

කාලගුණය

මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.බස්නාහිර සහ වයඹ පළාත්වලත්...

ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක්

ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද (16) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. ලෝක වෙළෙඳපොලේ පවතින...

අද කාලගුණය

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.කාලගුණ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x