26.5 C
Colombo
Wednesday, September 29, 2021

ප්‍රමාද වී තහවුරු කොවිඩ් ආසාදිතයින් 3,000ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 3,223ක් පසුගිය දින  07ක කාලය තුලදී හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 336,170ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සක්‍රීය රෝගීන් ගණන 32,786ක් වනවා.

මෙම ආසාදිතයින් ප්‍රමාද වී වාර්තා වීම සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කර සිටියේ දිවයින පුරා සිදුකරනු ලබන ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මගින් හඳුනා ගනු ලබන රෝගීන් සහ නිවාස ආශ්‍රිතව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ගේ දත්ත වාර්තා තහවුරු කර ගැනීමේ ප්‍රමාදයක් පසුගිය දින 07ක කාලය තුලදී මතුවූ බවයි.

ඒ දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම නිසා බව පැවසූ වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂකවරයා, අදාල තොරතුරු නිසි අයුරින් තහවුරු කර ගැනීමෙන් පසුව දත්ත වාර්තා වලට අද දිනයේදී ඇතුලත් කළ බවයි කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
3
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
16
27.svg?v=2.6
මලපනිනව !
6
30.svg?v=2.6
කුජීතයි !
3
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රට අරින විදිහ බැසිල් සූම් එකෙන් කියයි!

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු රට නැවත විවෘත කිරීමේදී  පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ...

”චීනයේ අසූචි පොහොර පාලකයින්ට සුවඳක් වුණේ ඇයි?”: ආචාර්ය අජන්තා පෙරේරාගෙන් හෙළිදරව්වක්

චීනය සමග අත්සන් කළ ගිවිසුම් හේතුවෙන් මෙරටට යළිත් වරක් කාබනික පොහොර ගෙන්වන්නට වී ඇත්තේ...

රටම කැළඹූ ඇඹිලිපිටිය දෙදරු මවගේ කෲර ඝා’ත’න’යේ සැඟවුණු කතාව එළියට

ඇඹිලිපිටිය, මහ රෝහල ආසන්නයේ සැමියා විසින් බිරිදගේ හිසට තැබූ වෙඩි පහරකින් දෙදරු මවක් අවාසනාවන්ත...

හිතවතෙකු සැනසීමට රාජිත රජයේ වියදමින් දුන් තෑග්ගක්

යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මුදල් අවභාවිත කරමින් බුලත්සිංහල ප්‍රදේශයේ තම...

තෙවැනි මාත්‍රාව ෂුවර්! එන්නත ලැබෙන්නේ මේ අයටයි

තෙවන මාත්‍රාවක් සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මේ වන විට ඇණවුම් කර...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x