28 C
Colombo
Saturday, June 12, 2021

BestWeb තරගාවලිය සදහා පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාගේ තත්ත්වය බරපතලයි

ඊයේ සවස කොළඹ වෝඩ් පෙදෙසේ ඇවිද යමින් සිටියදී සිහිසුන්ව බිම ඇදවැටී අනතුරට ලක්වූ ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරාගේ ස්වාමිපුරුෂයා වන උපාලි ජයසිංහගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මෙලෙස හදිසි අනතුරට ලක්වන්නේ ඊයේ සවස ශරීර සුවතාව සඳහා ඇවිදිමින් සිටියදීයි.
මෙම ඇදවැටීම හේතුවෙන් ඔහුගේ හිසට බරපතල හානි සිදුවී ඇති අතර අධික රුධිර වහනයක්ද සිදුවී ඇති බව වාර්තා වනවා.

නිවස ආසන්නයේ ඇදවැටුණු උපාලි ජයසිංහ එලෙස විනාඩි විස්සක පමණ කාලයක් සිටි බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඒ අවස්ථාවේ ඒ අසලින් ගිය වෛද්‍යවරයෙකු මෙම සිද්ධිය දැක ඔහු මැදිහත්ව උපාලි ජයසිංහ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට කටයුත කර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්වූ උපාලි ජයසිංහ වහාම කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු අතර ඔහු රෝහල් ගතකරන විටත් සිහිසුන් තත්ත්වයේ සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් හදිසි අනතුරු අංශයට ඇතුලත් කෙරුණු උපාලි ජයසිංහ ඊට ටික වේලාවකට පසුව කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයකට ඇතුලත් කර තිබෙනවා.මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඔහුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
19
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
6
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
21
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
293
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
21
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
18
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මීළඟට මිල වැඩිවෙන දේ ගැන ඉඟියක්

සිය නිෂ්පාදනවල ද මිල ඉහළ දැමීමක් කිරීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය...

බලංගොඩ ඇගළුම් කම්හලක කොරෝනා පොකුර තවත් ඉහළට

බලංගොඩ ඇඟලුම් කම්හලේ හපුතලේ පහළ පිටරත්මලේ කොවිඩ් පොකුර අද (07) වන විට ආසාදිතයින් 33ක්...

තවත් ආසාදිතයන් 1,921ක්…

තවත් කොරෝනා ආසාදිතයන් 1,921 දෙනෙකු හදුනාගත් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ සමග මෙරට...

නොමිලේ දෙන චීන එන්නත් මිලියන 6 වැළැක්වූයේ කවුද?

චීන රජයේ ප්‍රධානයක් ලෙසට ලබා දීමට ගිය කොවිඩ් එන්නත් මිලියන 06 ක් ලබා ගැනීම...

කොවිඩ් දත්ත අනුව ලංකාවට හිමි වූ තැන

ලොව පුරා කොවිඩ් දත්ත යාවත්කාලීන කරන වර්ල්ඩොමීටර් වෙබ් අඩවියේ දත්තවලට අනුව ලොව පුරා රටවල්...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x