32 C
Colombo
Tuesday, April 20, 2021

ප්‍රවේශමෙන්! කාළගුණ වෙනසින් ලොකු අවුලක් – උපදෙස් මාලාවකුත් එයි

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට සඳහා සිදු කළ යුතු සෞඛ්‍ය පුරුදු මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

1. පිපාසය දැනෙන තෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම. (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)

2. පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් වැළකීම.

3. පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම.

4. හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමු වීම.

5. එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට හැකිතාක් යොමුවීම.

6. වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම. මෙම තත්ත්වය උද්ගතව ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල (විශේෂයෙන් බටහිර හා දකුණුදිග වෙරළ තීරයන්හි) පවතින අධික වියළි කාලගුණයත් සමග උෂ්ණත්වය වෙනදාට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමඟයි. එම නිසා මෙම උෂ්ණත්වය අධික වකවානුවේ තමන්ගේ මෙන්ම අන් අයගේ ද යහ පැවැත්ම උදෙසා ඉහත කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
23
අවුල් වගේ !
5
හරි හිනා !
1
හම්මෝ !
22
මාර දුකයි !
9
කුජීතයි !
3
මලපනිනව !
7
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසාන සතියේ නිකුත් කරන...

දිවයිනේ සියලු පාසල්වල දෙවන වාරය අදින් ඇරඹේ

දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන වාරය අදින් ආරම්භ වනවා.නව මාර්ගෝපදේශ...

දඹුල්ලේ බස් කප්පම්කරු

දඹුල්ල නගරයට පැමිණෙන බස්රථවලින් පුද්ගලයෙක් කප්පම් මුදල් ලබා ගන්නා ආකාරය හෙළිදරව් කිරීමට වාර්තාකරු ...

ගතවූ පැය 48 තුල රිය අනතුරු වලින් 30දෙනෙකු ජිවිතක්ෂයට

ගතවූ පැය 48 තුලදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව...

තෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඊයේ යළි ඇමරිකානු ඩොලර් 65 දක්වා ඉහළ ගියා.එය ඊට...

මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු 1997ට ලබා දෙන්න – සත්‍ය තොරතුරු දෙන අයට වටිනා මුදල් ත්‍යාග

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු වෙතොත් ඒවා 1997 දුරකථන අංකය අමතා ලබා දෙන ලෙසත් එලෙස...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x