ප්‍රසිද්ධ නිළියගේ දුවගේ කොණ්ඩය බලහත්කාරයෙන් කපලා

ප‍්‍රසිද්ධ වේදිකා සහ ටෙලිනාට්‍ය නිළියකගේ දියණියකගේ පානදුර ගොරකාන ප‍්‍රදේශයේ ඇති රූපලාවන්‍යාගාරයට කඩාවැදී ඇයට පහර දී වරලස කපා දැමූ කාන්තාවන් තිදෙනකු ඊයේ (14දා) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

පානදුර ගොරකාන ප‍්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි රූපලාවන්‍ය ශිල්පිනිය කරන ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එගොඩඋයන ප‍්‍රදේශයේ පදිංචිකාන්තාවන් තිදෙනෙකුයි.

සැකකාරියන් තිදෙනා පෙරේදා රාත‍්‍රී ගොරකාන ප‍්‍රදේශයේ පිහිටි පැමිණිලිකාරියගේ රූපලාවන්‍යාගාරයට කඩාවැදී ඇයට පහරදී එහි තිබූ කතුර රැගෙන වරලසේ කොටසක් කපා දමා ඇති බවට පැමිණිල්ලේ සඳහන්.

අත්අඩංගුවට පත් සැකකාරියන් පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති බවත්, දින 14 ක් නිවසේ නිරෝධායනයට ලක් කරන ලෙස උපදෙස් දී ඇති බව පුවත්පත් වාර්තා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6
අවුල් වගේ !
3
22.svg?v=2.6
හරි හිනා !
20
3.svg?v=2.6
හම්මෝ !
6
31.svg?v=2.6
මාර දුකයි !
6
27.svg?v=2.6
මලපනිනව !
13
30.svg?v=2.6
කුජීතයි !
9
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අපට හොඳ යුගයක් උදා වෙමින් තිබෙනවා..

රටක් දියුණු වන්නට නම් යටිතල පහසුකම් සංවර්ධනය ප‍්‍රමුඛ විය යුතු බව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය...

නව චක්‍රලේඛයක්

කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත්...

මුදල් ඇමතිට ජනපති කියූ දේ

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් දැඩි පීඩනයක් රජයට ද එල්ල වෙමින් පවතින...

අතුරුදන් වූ දියණිය සොයා දෙන්නැයි මවක් පොලිසියේ වැළපෙයි

දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම දියණිය අතුරුදන්ව ඇති බවට කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක්...

IOC සමාගම ඉන්ධන නිකුත් කිරීම ගැටලුවක් වෙයි

ලංකා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම ඉන්දීය ඔයිල් සමාගම විසින් අත්හිටුවා ඇති...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x