27 C
Colombo
Sunday, April 11, 2021

ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් තිදෙනෙකුට කොරෝනා

නොර්වුඩ් ප්‍රාදේශිය සභාව තාවකාලිකව දින 10 කට වසා දැමිමට සෞඛ්‍යය අංශ පියවර ගෙන තිබෙනවා. ඒ කොවිඩ් 19 වෛරසය අසාදනය වු ප්‍රදේශිය සභා මන්ත්‍රිවරුන් තිදෙනෙකුට සහ ප්‍රාදේශිය සභාවේ පුස්තකාලයේ සේවය කරන පුස්තකාලාධිපතිනියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වීමත් සමගයි

එම ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයාට , ඔහුගේ බිරිදට , මවට , නිවසේ සේවකයෙකුට , නොර්වුඩ් පුස්තකාලයේ පුස්තකාලාධිපතිනියට සහ ඇයගේ පාසල් වියේ පසුවන පුතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට මීට ඉහතදී තහවුරු වී තිබුණා.

එම ආසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 10 දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව එම ප්‍රාදේශිය සභාවේ තවත් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් 3 දෙනෙකු කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට ඊයේ (17) දින තහවුරු වු බවයි බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් කියා සිටියේ.

එම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රිවරුන් 21 දෙනෙකුගෙන් සමන්විත බවත්, සෙසු මන්ත්‍රිවරුන් සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ කාර්යාලයේ සහ සේවකයන් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කිරිමට නියමිත නිසා ප්‍රාදේශිය සභාව තාවකාලිකව වසා දමන ලෙස සභාපතිවරයාට උපදෙස් ලබාදුන් බවත් බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඇස්ට්‍රා සෙනිකාට තිඹිරිගෙයින්ම රතු එළියක්

වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන් සඳහා ඇස්ට්‍රා සෙනිකා එන්නත වෙනුවට ආදේශක එන්නතක් ලබාදියයුතු බවට...

තවත් කොරෝනා ආසාදිතයින් 127ක් සුවය ලබයි

අද දිනයේදීත් කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 127දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස්...

මොහාන් සමරනායකට ආණ්ඩුවෙන් ලොකු පුටුවක්

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා (09) පත් කර...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලය ලබන 12 වැනිදා සාමාන්‍ය පරිදි විවෘතව...

ගූගල් අලුත්ම පියවර ලංකාවට

ශ්‍රී ලංකාව තුළ ගෘහස්ත සිතියම් තාක්ෂණය හඳුන්වාදුන් පළමු අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකන් ගුවන්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x