25 C
Colombo
Tuesday, September 21, 2021

පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ මෘත ශරීර ගොඩ ගැසේ

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ කොරෝනා මළ සිරුරු 22 ක් ඇතුලු මළසිරුරු 45 ක් ගොඩගැසී තිබීමෙන් දැඩි දුර්ගන්ධයක් සමග සෞඛ්‍ය තර්ජනයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
මෘත ශරීරාගාරයේ තිබෙන අධි ශීතකරණ දෙකෙහි තැම්පත් කර තැබිය හැකි මළ සිරුර ප්‍රමාණය 12 ක් පමණක් බවත් අනෙක් සියලුම මළසිරුරු මෘත ශරීරාගාරය තුළ සහ ඉන් පිටත ට්‍රොලි මත තැන්පත් කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

කොරෝනා වෛරසයෙන් මිය ගිය මළ සිරුරු 22 ක් ,නාඳුනන මළ සිරුරු 5 ක් අනෙකුත් මළසිරුරු 19 එලෙස තැන්පත්ව ඇති බවයි පැවසෙන්නේ.

එලෙස තැන්පත් කර තිබෙන බහුතරයක් මළසිරුරු නරක් වීමෙන් මෙම දුර්ගන්ධය හටගන්නා බව දැනගන්නට ලැබෙනවා.

කොරෝනා වෛරසයෙන් මියගොස් සිටින පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුවද ඔහුන්ගේ සමීප ඥාතීන් ද නිරෝධායනට ලක් කර ඇති බැවින් එම දේහයන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ආදාහන කටයුතු සිදු කිරීම සඳහා සමීප ඥාතීන් දෙදෙනකු සහභාගී කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වීමෙන් මෙම තදබදය හට ගැනීමට ප්‍රධානම හේතුව බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
14
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
5
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

අරමුණු ගොන්නක් රැගෙන ජනපති ඇමරිකාව බලා පිටත්ව යයි

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18)...

වසර දෙකකින් රට සංවර්ධනය කරන හැටි රනිල් කියයි

ශක්තිමත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කළහොත් වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව සංවර්ධිත...

බාර් ඇරී දවසේ ප්‍රතිඵල ජාතික රෝහලෙන් එළියට

මත්පැන්හල් විවෘත කිරීමෙන් පසු පසුගිය ඉරිදා (19) දිනයේදී පමණක් බීමත්ව සිදුකළ කලකෝලාහල සහ ගැටුම්වලින්...

දඩ මුදල් වෙනස් වීමක් ගැන ඉඟියක් – ඉහල දැමිමක්

වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ට අය කරන දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (21) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x