31 C
Colombo
Monday, May 17, 2021

පාසල් වසා දැමීමනවාද?

සියලු පාසල් මෙතෙක් ක්‍රියාත්මක වූ ආකාරයටම සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ තවදුරටත් පවත්වා ගෙන යන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කියා සිටියේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කමිටු, පාසල් පවත්වාගෙන යන ආකාරය සැලසුම් කරනු ඇති බවයි.

තුන්වන කොරෝනා අවදානම් තත්ත්වය මත පදනම්ව ලබන මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි රජය මගින් පසුගිය 23 වනදා නිකුත් කල සෞඛ්‍ය මාර්ගෝපදේශ වල දැක්වෙන්නේ පාසල්, පෙර පාසල් සහ දිවාසුරැකුම් මධ්‍යස්ථාන සියයට 50ක ධාරිතාවයකින් යුතුව පවත්වාගෙන යායුතු බවයි.

සියලු උපකාරක පන්ති සහ උසස් අධ්‍යාපන ආයතන පැවැත්වීම සදහා අවසර නොමැති බවත් සියලු විශ්වවිද්‍යාල වසා දමා ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන්.

මේ අතර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 30 වනදාට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ මේ වන විට එම කටයුතු අවසන් අදියරේ පවතින බවයි.

ඉදිරි විභාග පැවැත්වීමට නියමිත දිනයන් වෙනස් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
16
අවුල් වගේ !
29
හරි හිනා !
28
හම්මෝ !
24
මාර දුකයි !
100
කුජීතයි !
17
මලපනිනව !
114
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොවිඩ් මරණ 21ක්

කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර...

අනුරපුරේ අද්භූත ‘සක්වල චක්‍රය’ වෙනත් ලොවකට යන රහස් දොරටුවක්ද?

ශ්‍රී ලංකාවේ පූජනීය නගරයක් බව අමුතුවෙන් කිව යුතු නැති අනුරාධපුරය මෙතෙක් හඳුනා නොගත් පියාඹන...

රාත්‍රී කාලයේ දිවයින පුරා සංචරණ සීමා පැනවීමේ තීරණයක්

රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා කාලය තුළ දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය තීරණය...

මම අදත් 8 දෙනෙක්ට විතර වැක්සින් එක අරන් දුන්නා – රාජිත සේනාරත්න

තමා සමඟ හිතවත් පුද්ගලයින් 8 දෙනෙකුට කොවිඩ් එන්නත ලබා ගැනීමට උදව් කල බව සමඟි...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ විශේෂ මාධ්‍ය හමුව (වීඩියෝ)

රාජ්‍ය, පෞද්ගලික, අත්‍යාවශ්‍ය සේවා සඳහා පළාත් අතර සංචරණයට අවසර - බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක්...

සඳුදා සිට මැයි 31 දක්වා ඔබ දැනුවත්ව සිටිය යුතු කරුණු

එක් නිවසකින් පිටවීමට අවසර දී ඇති පුද්ගලයන් සංඛ්‍යාවඑක් දිනයකදී නිවසකින් පිට වීමට අවසර දී...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x