26.9 C
Colombo
Sunday, June 13, 2021

BestWeb තරගාවලිය සදහා පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

පාසල් ළමුන් 1000කට වැඩි සංඛ්‍යාවකට කොරෝනා – මෙරට කොරෝනා ව්‍යාප්තියේ භයානක හෙළිදරව්වක්

මේ වන විට මෙරට ළමුන් 1000කට වැඩි සංඛ්‍යාවක් කොරෝනා ආසාදිතව සිටින බව හා එයින් 5දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඒ හේතුවෙන් වයස අවුරුදු 12න් ඉහළ දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදීම ඉතා වැදගත් බවයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

කොරෝනා රෝගය සීග්‍රයෙන් පැතිරී යාමත් සමඟ ළමුන්ටත් එම රෝගය වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් මෙසේ එන්නත්කරණය මඟින් ප්‍රතිශක්තිකරණය ඇති කල යුතු බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

රටවල් කිහිපයක් මේ වන විටත් ළමුන් සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ආරම්භ කර ඇති බවත් ඉන්දියාවේ දැනට ඒ පිළිබඳව පර්යේෂණ කරමින් සිටින බවත් ඔහු මෙහිදී කියා සිටියා.

කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටින්නේ ප්‍රතිශක්තිකරණය හරහා පමණක් රෝගය පාලනය කර ගැනීමට නොහැකි බවයි.

ඒ සඳහා ජනතාව වැඩි දැනුවත් භාවයකින් සහ හික්මීමකින් කටයුතු කරමින් ළමුන් රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
8
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
4
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 19ක්

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට සිදුව ඇති පුද්ගල මරණ ගණන 19ක් දක්වා ඉහළ ගොස්...

පොල්ගෙඩි 15ක් සොරකම් කල සැකකරු දෙදෙනකු අධිකරණය හමුවට

රුපියල් 1400ක් පමණ වටිනා පොල්ගෙඩි 15ක් සොරකම් කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්...

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති...

පාසලේ දරුවන් 4 ක් අපයෝජනයට ලක්කළ විදුහල්පතිට වැඩ වරදියි

රක්වාන පොතුපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු සිය පාසලේ පිරිමි දරුවන් සිව්දෙනකු අපයෝජනයට ලක් කළැයි සැකපිට...

හිටපු මන්ත්‍රී කුරුකුලරත්න දිවියට සමු දෙයි

ගාල්ල දිස්ත්‍රික්ක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ බුද්ධික කුරුකුලරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.මියයන විට ඔහු...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x