29 C
Colombo
Monday, June 21, 2021
logo

පාසලේ දරුවන් 4 ක් අපයෝජනයට ලක්කළ විදුහල්පතිට වැඩ වරදියි

රක්වාන පොතුපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු සිය පාසලේ පිරිමි දරුවන් සිව්දෙනකු අපයෝජනයට ලක් කළැයි සැකපිට ඊයේ (08දා) අත්අඩංගුවට ගත් බව රක්වාන පොලිසිය කියයි.

සැකකරු හතළිස් තුන් හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් . අපයෝජනයට ලක් වූ බව කියන පාසලේ පිරිමි දරුවෝ අවුරුදු එකොළහේ සිට දහතුන දක්වා වයසේ පසු වෙන බවත් සඳහන්.

මෙම දරුවන්ගේ හැසිරීමේ වෙනස්කම් හේතුවෙන් දෙමාපියන් ඒ පිළිබඳව තොරතුරු සොයා තිබෙනවා. ඒ පිළිබඳව දරුවන්ගෙන් විමසූ විට පවසා ඇත්තේ පාසලේ විදුහල්පතිවරයා තමන්ට මෙම ක්‍රියාකාරකම් කළ බවත් තමන්ට ඒවා කරන ලෙස පැවසූ බවයි. දරුවන් හෙළි කළ කරුණු මත දෙමාපියන් රක්වාන පොලිසියට සිද්ධිය පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව සැකකාර විදුහල්පතිවරයා රක්වාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දරුවන් සිව්දෙනා වෛද්‍ය පරීක්ෂණයකට කහවත්ත මූලික රෝහලට යොමු කර ඇති අතර සැකකරු ඊයේ සවස පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව රක්වාන පොලිසිය කියයි.

රක්වාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. එස්. පී. පුෂ්පලාල් උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සජිත් රජයෙන් කළ ඉල්ලීම

රටේ පවතින ගැටලුවලට විසඳුම් සොයා ගැනීම සඳහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂ...

නිරෝධායන නීති කඩා යාපනයේ විවාහ උත්සවයක්

යාපනය ගුරුනගර් ප්‍රදේශයේ නිරෝධායන නීථි උල්ලංගනය කරමින් විවාහ උත්සවයක් සංවිධානය කළ පුද්ගලයින් 16දෙනෙකු අත්අඩංගුවට...

තාත්තයි දුවයි මස්සිනයි තිදෙනාවම කොවිඩ් මරුවා රැගෙන යයි

කෝවිඩ් 19 ආසාදිත වී පස්සර බිබිල පාර 13 කණුව ප්‍රදේශයේ එකම පවුලක පියා,දියණිය සහ...

කොවිඩ් මරණ 55ක්

කොවිඩ් ආසාදිත මරණ 55ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව...

ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක්

ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද (16) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. ලෝක වෙළෙඳපොලේ පවතින...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x