27 C
Colombo
Thursday, April 22, 2021

පාස්කු ප්‍රහාරකයන්ගේ ඡායාරූප යොදා ‘ව්‍යාජ ඡායාරූප හැදුවේ’ මන්ත්‍රීවරයෙක්

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධ බෝම්බකරුවන්ගේ ඡායාරූප හා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ඡායාරූප එකතු කර ව්‍යාජ ඡායාරූප සකසා අන්තර්ජාලයට මුදා හැරි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මාතලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයකු ලබන 23 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (17) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබුණා.

සැකකරු වෙනුවෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක හා නීතිඥ උපුල් ජයසූරිය යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

සැකකරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කර ඇති අතර මෙකී වරදට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අදාළ වන්නේ කෙසේද යන්න ඔවුහු අධිකරණය හමුවේ විමසා සිටියා.

එහිදී මහේස්ත්‍රාත්වරයා මේ වරද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට අදාළ වන්නේ කෙසේදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කර සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා නොදීම මත ඉදිරි දින මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මම එහෙම ඇඳුම් නැතුව දිවුවා නම් බලාගන්ඩ තිබ්බා – හරින් ප්‍රනාන්දු

තමා ඇඳුම් නැතිව දිව්වා නම් මේ නාළිකා දෙකේ වැඩ බලාගන්න තිබ්බා යැයි හරීන් ප්‍රනාන්දු...

සුරා සැල් රෑ 10 දක්වා විවෘත කළ යුතුයි – කංසා පිටරට යැවිය යුතුයි මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවට ගෙනා යෝජනා (VIDEO)

රාජ්‍ය අනුග්‍රහයෙන් කංසා වගා කොට පිටරට යවා විදේශ විනිමය ඉපයිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී...

උතුරේ තරුණයින් අත්අඩංගුවට ගැනීම ගැන දෙමළ සන්ධානයේ විරෝධය

රජයට එරෙහිව නැගෙන විරෝධතා සහ අප්‍රසාදය වසාගැනීමේ අරමුණින් සැළසුම් සහගතව උතුරු පළාතේ දෙමළ තරුණයින්...

මෙරටට පැමිණෙන විදේශිකයින් සීමා කිරීමේ තීරණයක්

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළයාම නිසා විදෙස් රටවල...

පුතාගේ පහරදීමෙන් පියා මරුට

පුත්‍රයා විසින් පහරදීමක් හේතුවෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.පසුගිය...

රිය අනතුරකින් ගුවන් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට

පොලොන්නරුව මනම්පිටිය දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ සිදුවුණ රිය අනතුරකින් ගුවන් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්වුණා.අරණගංවිල මැණිකේ  ඇල...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x