29 C
Colombo
Tuesday, April 13, 2021

පැහැරගෙන ගොස් පහරදුන් බව කියූ මාධ්‍යවේදියාගෙන් පාපෝච්චාරණයක්

CCDය රාජිතගෙන් සහ චතුරගෙන් ප්‍රශ්න කිරීමට සැරසේ

තමාව පැහැරගෙන ගොස් පහරදී චිප් පතක් ඉල්ලූ බවට සියරට පුවත්පතේ මාධ්‍යවේදියෙක් විසින් පසුගිය දා  පැමිණිල්ලක් සිදුකර තිබුණි. නමුත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. ඔහු විසින්ම ඔහුගේ නිවසේදී මේසන් හැන්දකින් ඔහුගේ දෙඅත් පුළුස්සාගෙන තිබෙන බවට ද කරුණු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ අදාළ පුද්ගලයා ඉන්පසු ගොස් ඇත්තේ තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි චතුර සේනාරත්න විසින් පවත්වාගෙන යනු ලබන කාර්යාලයකට බවය.

එම කාර්යාලයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඔහුව හමුවූ බවත් අදාළ පුද්ගලයා පසුව පොලීසියට පවසා ඇත. ඒ අනුව අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීම සම්බන්ධව එම පුද්ගලයාව මේ වනවිට අත්අඩංගුවටගෙන තිබේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් සහ චතුර සේනාරත්න මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

සියරට යනුවෙන් පුවත්පත් පවත්වාගෙන ගොස් ඇති සුජීව ගමගේ නමැති 62 හැවිරිදි එම පුද්ගලයා විසින් සිදුකරන ලද පාපෝච්චාරණයකින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකළ බවට මේ වනවිට පිළිගෙන ඇති බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පසුගිය මාර්තු මස 10 වනදා පුද්ගලයින් සිව් දෙනෙකු විසින් තමන් පැහැරගෙන ගිය බවට ඔහු විසින් පොලීසියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අවුරුදු උත්සව සඳහා පොලීසියෙන් යළි දැනුම් දීමක්

අලුත් අවුරුද්දට සමගාමීව පැවැත්වෙන අවුරුදු උත්සව සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ සහ පොලීසියේ අවසරය ලබා ගත...

සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත්

අප්‍රේල් මස 14 වන බදාදා පූර්ව භාග 02.33ට මෙවර සිංහල අලුත් අවුරුද්ද උදාවනවා.අප්‍රේල් මස...

යාපනය නගරාදිපති අත්අඩංගුවට ගැනීම ගැන ඇමරිකාවේ විරෝධය

යාපනය නගරාදිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය...

ලණු මතින් එල්ලී පාසල් ගිය ලංකාගමට නව පාලමක් විවෘත වේ

පාසල් යාම සහ වෙනත් අවශ්‍යතා සඳහා හුවමාරු වීමට නොහැකිව ලණු ආධාරයෙන් ඟගින් එතෙර වන...

අවුරුදු 14ක පොලිසියේ රස්සාව නවත්වා කුඩු බිස්නස් එකට බැහැලා! මාසික ආදායම ලක්ෂ 80ක්

වසර 14ක් පමණ පොලිස් සේවයේ නිරතව සිට කොස්තාපල් තනතුරින් ඉවත් වී මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x