පිය පුතු දෙදෙනා පරණගම් ඔයේ සැඩපහරට අසුවෙයි

කුලියාපිටිය පරණගම විලපොල ප්‍රදේශයේ පියකු සහ පුතකු දියේ ගසාගෙන ගොස් ඇති අතර පියාගේ සිරුර හමු වූ බවත් පුතාගේ සිරුර අතුරුදහන්ව ඇති බවත් පොලිසිය පවසනවා.  

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් අතුරුදහන් දරුවා උපකාරක පන්තියක සහභාගී වී තම පියාත් සමග නිවෙසබලා එමින් සිටියදී පරණගම් ඔයේ සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බව සදහන්.

තම පුතු හා ස්වාමිපුරුෂයා නිවසට නොපැමිණි බවට බිරිඳ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කුලියාපිටිය පොලිසිය කළ සොයා බැලීමකට අනුව අද අලුයම පියාගේ සිරුරු පාවෙමින් තිබියදී සොයාගෙන ඇත. 

ඔරු පාරු භාවිතයෙන් ප්‍රදේශවාසීන් දරුවා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබුණත්, දරුවා සැඩ පහරට ගසාගෙන යන්නට ඇතැයි සැකකරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
18
මලපනිනව !
0
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්