26.3 C
Colombo
Wednesday, September 29, 2021

පී.එච්.අයි. සංගමයෙන් හදිස්සියේ ජනපතිට ලිපියක්

දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 360 සඳහා සීමාවන්ට යටත්ව එන්නත් නිකුත් කරන තත්ත්වයකදී ඉලක්ක ගත කණ්ඩායම්වලට වඩා දෛනිකව වැඩි පිරිසක් එන්නත්කරණයට පැමිණීම නිසා අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කරන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කළ ප්‍රකාශයක්ද මීට පදනම් වී ඇති බවයි. දිවයිනේ ඕනෑම ස්ථානයකින් පුරවැසියන්ට එන්නත් ලබාගැනීමට හැකියාව ඇති බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කර තිබුණි. එහෙත් ඖෂධ සැපයුම් අංශයෙන් ප්‍රාදේශීය ඖෂධ සැපයුම් ගබඩා වෙත නිකුත් කරන එන්නත් ප්‍රමාණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ලැබෙනුයේ ජනගහනය මත පදනම්ය. ලැබෙන එන්නත් සීමිත නිසා අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්ට පමණක් එන්නත් ලබාදීම සාමාන්‍ය ක්‍රමවේදයයි. ශීත කාමරවල සිටින බිම් මට්ටමේ අවබෝධයක් නොමැති නිලධාරීන් ප්‍රකාශ නිකුත් කිරීම නිසා දැඩි අර්බුදයක් මතුව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ලිපියක් මගින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

මෙම තත්ත්වය වහාම නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. උදාහරණයක් ලෙස කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දෙවැනි මාත්‍රාව ලබා දීමට ඊයේ (30 වැනිදා) දිනයේ ලැබී ඇත්තේ එන්නත් 2000ක් පමණි. නමුත් එන්නත් ලබා ගැනීමට 5000ක පිරිසක් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. එහෙත් යුද හමුදාව මගින් පැවැත්වෙන ප්‍රධාන එන්නත් ලබාදීමේ මධ්‍යස්ථාන දෙකට පැය 24 පුරාම එන්නත් ලැබෙන බවද සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
3
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
4
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සහ ගෑස් මිල ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය

කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සහ ගෑස් මිල ඉහළ නැංවීමට ජීවන වියදම් කමිටුව අද අනුමැතිය ලබාදී...

මීලගට රට විහිළුකාරයෙකුට බාර දෙන්න බෑ

රට කඩා වැටී ඇති මොහොතක නැවත රට ගොඩනැගීමට නම් මීලග පාලකයා විහිළුකාරයෙක් නොවිය යුතු...

තවත් මහපරිමාණයේ ජාවාරමක් ශ්‍රී ලංකා රේගුවේ දි මාට්ටු

මහපරිමාණයේ රත්‍රං ජාවාරමක් අනාවරණය කරගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (27)...

අගමැති අද හදිස්සියේ කල විශේෂ නියෝගය

වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා...

සහල් පාලන මිල ඉවත් කිරීමට හා සහල් ආනයනයට අවසර – කෘෂිකර්ම ඇමති

සහල් සඳහා පැවති පාලන මිල ඉවත් කිරීමටත්, සහල් ආනයනයට වෙළෙඳ අමාත්‍යවරයාට අවසර දීමටත් කැබිනට්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x