පුංචි ලෝකාන්තයේ දී තරුණයෙක් අතුරුදන්

මඩොල්සිම පිටමාරුව ප්‍රදේශයෙන් පුංචි ලෝකාන්තය නැරඹිමට ගිය පුද්ගලයෙකු අතුරුදන් වී තිබේ.මෙලෙස අතුරුදන්ව ඇත්තේ, කළුතර මග්ගොන පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇත.ලෝකාන්තය බැලීමට පැමිණි පිරිසක් කූඩාරම් ගසාගෙන එහි නතරවී සිට තිබේ. පසුව රාත්‍රී කාලයේදී සීතල වැඩි බව පවසා එක් පුද්ගලයෙක් වාහනයට යන බව පවසමින් පිටව ගොස් ඇත.එහෙත් පිරිස පසුව කළ සොයා බැලීමකදී ඔහු පිළිබඳ හෝඩුවාවක් නොමැතිවීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.අතුරුදහන් වූ පුද්ගලයා සොයා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විටත් ඒම ස්ථානය වෙත ගොස් ඇති අතර තවත් කණ්ඩායම් කිහිපයක් එහි ළඟා වෙමින් සිටී.

කෙසේවෙතත් අද දහවල් 12 පමණ වන විටත් අතුරුදන් වු පුද්ගලයා පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලැබී නොමැති බව වාර්තාකරු පැවසීය.ප්‍රදේශය තුළ පවත්නා අධික මීදුම් හා වර්ෂාව ඔහු සෙවීමේ කටයුතුවලට දැඩි බාධාවක් ව ඇතැයි මඩොල්සිම පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කියාසිටියේය.අතුරුදහන් වූ පුද්ගලයා වැටෙන්නට ඇතැයි සැකකෙරෙන ප්‍රපාතයට කඹයක් යොදා අඩි දෙසීයක පමණ ප්‍රදේශයක් යුද හමුදාව විසින් නිරීක්ෂණය කරමින් පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රටට සිදුවෙලා තියෙන ඓතිහාසික වැරැද්ද නිවැරදි කරන්න විමල්ගෙන් සුපිරි ක්‍රමයක්

සමාජය මේ අවස්ථාවේ සිටින්නේ සොයාගත් උත්තර පිළිබඳව වේදනාවකින් බවත් හෘද සාක්ෂියත් සමග ගනුදෙනු නොකරන...

බංග්ලාදේශය මවිත කළ සටන්කාමී ඉනිම ගැන භානුක කතා කරයි

බංග්ලාදේශයට එරෙහි ඊයේ තරගයේදී ශ්‍රී ලංකා පිළේ කඩුළු 04 ක් ලකුණු 79 ක් තුළ...

කිරිපිටි ගැන තවත් තීරණයකට සැරසෙයි

අද (22) දිනයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා...

රාජා කොල්ලුරේ ධුරයෙන් ඉවත් කරයි

වයඹ ආණ්ඩුකාර ධුරය දරන රාජා කොල්ලුරේ මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කර...

විෂ මුද්දෙන් රජුව මරන්න හැදු ඔටුන්න හිමි කුමාරයා

විෂ පෙවූ මුද්දකින් සෞදි රජුව ඝාතනය කරන්න හැදු සැලසුමසෞදි අරාබිය පාලනය කළ අබ්දුල්ලා රජු...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x