වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් හැටන් ඇතුළු අවට ප්‍රධාන නගරවල රෝගින්ට වෛද්‍යය උපදෙස් ලබාදුන් පුද්ගලයෙකු හැටන් පොලිසිය මගින් ඊයේ (08 වැනිදා) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. හැටන්, ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයට ලද පැමිණිල්ලක් මත එම භාරකාර මණ්ඩලය පැමිණිලි කිරීමෙන් පසු අදාළ ව්‍යාජ වෛද්‍යවරයාව හැටන් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
හැටන් හජිරාපුර ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන සතියට එක් වතාවක් පුත්තලමේ සිට පැමිණි මෙම ව්‍යාජ වෛද්‍යවරයා නිල චිකිත්සාවෙන් විවිධ රෝග සඳහා පිළිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් රෝගින්ට උපදෙස් ලබාදී රෝගියෙකුගෙන් රු 800ක් අය කර ඇත. එහෙත් ඔහු ෙඔෟෂධ ලබා දී නොමැත.
පොලිස් නිලධාරීන් එම ස්ථානයට යනවිට ව්‍යාජ වෛද්‍යවරයාගෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට රෝගීන් විශාල පිරිසක් එම නිවසේ රැඳී සිටියහ. පුත්තලම ප්‍රදේශයේ පදිංචි සැකකරු 46 හැවිරිදි දරුවන් 14 දෙනෙකුගේ පියෙකු බවත්, ඔහු සතුව නිල චිකිත්සක වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිම කිසිදු පිළිගත් ආයතනයකින් නිකුත් කරන ලද සහතිකයක් හෝ අවසර පත්‍රයක් තිබී නොමැත.
සිතාර ඉරාෂ් – වටවල