30 C
Colombo
Wednesday, June 16, 2021
logo

පුත්තලම සභාපතිගේ මරණය ගැන අනාවරණයක් – සිව්දෙනෙක් අත්අඩංගුවට

පුත්තලම නගර සභාවේ සභාපති කේ.ඒ.බායිස් මහතාගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකුව සැකපිට පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වනාතවිල්ලුව පොලීසියට බාර දී තිබෙනවා.

ඊයේ සවස වනාතවිල්ලුව – එළුවන්කුලම, රාල්මඩුව ප්‍රදේශයේදී සිදුවී ඇති අනතුරකින් සභාපති කේ.ඒ.බායිස් මහතා මියගියා.

මිතුරන් තිදෙනෙකු සහ රියදුරු සමග සභාපතිවරයා නගර සභාවට අයත් කැබ් රථයෙන් 23 වැනිදා දහවල් එළුවන්කුලම – රාල්මඩුව ප්‍රදේශයේ පිහිටි තම පුද්ගලික වත්තකට ගොස් තිබෙනවා.

එහිදී පිරිස සාදයක්ද පවත්වා ඇති අතර සාදය අවසන් වී නගර සභාවට අයත් කැබ් රථයෙන් පිරිස පුත්තලම බලා ගමන් කර තිබෙනවා.

මෙහිදී සභාපතිවරයා කැබ් රථයේ පිටුපස කොටසේ (තට්ටුවේ) ‍විනෝද වෙමින් ගමන් කර ඇති බවද විමර්ශණ වලදී හෙලිවී ඇති බව පොලිසිය පවසනවා.

අධික වේගයෙන් ගමන් කර ඇති කැබ් රථයක් එක් වරම තිරිංග තද කිරීම හේතුවෙන් එහි පිටුපස සිටි සභාපතිවරයා බිමට වැටී ඇති බවද පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශණ වලදී හෙලිව තිබෙනවා.

අනතුරින් තුවාල ලබා සිටි කේ.ඒ.බායිස් මහතාව එම අවස්ථාවේදීම පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළත් ඒ වන විටත් ඔහු මිය ගොස් තිබී ඇත.

පොලිසිය පවසන්නේ පී.සී.ආර්.පරීක්ෂණයකින් අනතුරුව මිය ගොස් ඇති සභාපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අනතුරට පත් කැබ් රථයේ රියදුරු සහ එහි ගමන් කළ තිදෙනෙකුවයි.

මරණය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මිය යන විට 52 හැවිරිදි වියේ පසුවූ කේ.ඒ බායිස් මහතා සිව් දරු පියෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
5
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
7
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
5
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
5
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඇමති සුදර්ශනී කොවිඩ් මරණ අඩුවෙන දවසක් ගැන කියයි

කොව්ඩ් මරණ ඉහළ ගියද ආසාදිතයින් වාර්තාවීමේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බව කොවිඩ් රෝග පාලන...

වැලිගම දී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ මහමොළකරු මෙන්න

වැලිගම දී අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 220කට ආසන්න හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ ජාවාරම මෙහෙය වූ...

ඩිලිවරි සේවා වෙත නිවේදනයක්

භාණ්ඩ ප්‍රවාහන සේවා හෙවත් ඩිලිවරි සේවා පවත්වාගෙන යාම සඳහා නිකුත් කර ඇති බලපත්‍රවල වලංගු...

“ළමයා ඉටි රූපයක් වගේ.. පැයකට දහදාහයි.. දවස් දෙක තුනක් වුණත් තියාගන්න පුළුවන්….”

කටුනායකින් ගමන් ඇරඹූ බස්රථය ගම්පහ නගරයට සේන්දු වෙද්දී හොඳටම රෑ බෝවී තිබුණේය. නයෝමි කඩිමුඩියේම...

තනියෙන් මිල ගණන් වැඩි කරන්න මට පිස්සුද – උදය ගම්මන්පිල

තනියම තෙල් මිල ගනන් වැඩි කිරීමට තරම් තමන්ට පිස්සුවක් නැති බව බලශක්ති අමාත්‍ය උදය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x