පුතුගේ උපන් දිනයට ගුරු අම්මා දුන්නු මත් සාදය කෙළවර වුණු හැටි

පුතාගේ උපන්දිනයට මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් සහ තරුණ තරුණියන් 15 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග සුඛෝපභෝගී දෙමහල් නිවසකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් එම පිරිස අතර සැකකාර ගුරුවරියගේ පුතුන් දෙදෙනාද සිටින බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් හා ගංජා මිලිග්‍රෑම් 2450 මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට යොදා ගන්නා උපකරණ ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය මෙම ස්ථානය වටලන විට නිවසේ ඉහළ මහලේ සාලයේ මෙම පිරිසෙන් කොටසක් වේග රිද්ම සංගීතයට අනුව නර්තනයේ යෙදෙමින් සිට ඇති අතර,අනෙක් පිරිස මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි සිට තිබෙනවා.

අදාල ගුරුවරියද මෙම තරුණ පිරිස සමග විනෝද වෙමින් සිට ඇති අතර අවුරුදු 42 ක් වන සැකකාර ගුරුවරියට අමතරව වයස අවුරුදු 18 සහ 23 අතර පසුවන තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ පානය කළ මත්ද්‍රව්‍ය වලට අමතරව අයිස් සහ ගංජා මත්ද්‍රව්‍යද සොයාගත් බව සඳහන් වනවා.

දෙහිවල වැල්ලවත්ත සහ කොළඹ අවට පදිංචි මේ තරුණ තරුණියන් ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන බවයි දැනගන්නට ලැබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
4
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
6
30.svg?v=2.6
කුජීතයි !
8
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කොවිඩ් සමයේ ළමයි හදන්න එපා ද? නැවත ඒ ගැන යළි අනාවරණයක්

කොවිඩ් වසංගත තත්ත්වය පවතින මෙම අවස්ථාවේ දී දරුවන් සාදනවා ද නැද්ද යන්න තීරණය කළ...

ශ්‍රී ලංකාවට ලකුණු 172ක ඉලක්කයක්

මේ වන විට පැවැත්වෙන බංගලාදේශ සහ ශ්‍රී ලංකාව අතර 20යි 20 ක්‍රිකට් තරඟයේ පළමුවෙන්...

චීනයේ ඉල්ලීමක් නිසා කාබනික පොහොර යලි පරික්ෂා කරන්න යයි

හානිකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීමෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර...

CID අධ්‍යක්ෂවරයා අලුත් වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස මාතර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් තිලකරත්න පත් කර තිබෙනවා.

සංගීතේ ටෙලි සිත්තමේ කල්පන මංගල ගමනට හැඩ වුණු හැටි

සංගීතේ ටෙලි සිත්තමේ දුෂ්ඨයෙකුගේ චරිතයට පණ පොවන මනෝජ් එහෙමත් නැත්නම් කල්පන මන්ත්‍රී ගැන දැන්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x