31 C
Colombo
Monday, May 17, 2021

පූජනී භාග්‍යා මේ තරම් සුරූපී වුනේ කොහොමද ?

පූජනී භාග්‍යා කියන්නේ අපේ රටේ ඉන්න සුරූපී රංගන ශිල්පිනියක් . ඒ වගේම ඇය මේ දිනවල ජනප්‍රිය නිලියක් ලෙස කා අතරත් කතා බහට ලක් වෙලා තියෙනවා .

ටෙලිනාට්‍ය වලින් වගේම ගීත රූප රචනා වලින් ද photo shoots වලින්ද ඇයව නිතර දැක ගන්න ලැබෙනවා .

ඇය ගේ සුරූපී බවේ රහස දැන ගන්න ඇයට ආදරය කරන බොහෝ දෙනා කැමැත්තෙන් ඇති . සුරූපී බව රැක ගෙන රුව වඩවා ගන්න ඇය අනුගමනය කරන්නේ මොන වගේ දේවල්ද කියල ඇයගෙන් අපි අහල බැලුවා .

නිතරම ටිකක් උණුසුම් කාලගුණයක් තිබෙන ප්‍රදේශ වල රූගත කිරීම් වල එහෙම දෙනකොට අවුවෙන් බේරෙන්න වගේම සමට අවුවෙන් වෙන හානිය අවම කරගන්න කෝමාරිකා කෑල්ලක මදේ හොඳට පොඩි කරලා මූණ අතපයේ ගාලා ටික වෙලාවකින් සෝදා හරිනවා කියලයි කිව්වේ .

ඇය හමට ගොඩක් බවිත කරන්නේ ස්වභාවික දේවල් කියලත් කිව්වා .

කස්තුරි කහ ස්වල්පයකට සුදු හඳුන් ස්වල්පයක් එකතු කර ඒකටම මී පැණි හෝ යෝගට් මිශ්‍ර කරලා ආලේප කළාම හමේ පැහැයට වගේම පෝෂණයටත් ඒක ගොඩක් හොඳයි මේ පැක් එක යෝගට් සමඟ මිශ්‍ර කලහම සමේ තෙත ගතිය බොහෝ වේලාවක් රඳවා ගන්න පුළුවන් කියලත් ඇය පැවසුවා .

නිතරම වගේ මේකප් දාන්න වෙන නිසා මේකප් ඉවත් කරපු ගමන් අයිස් කැට තියනවා කියලත් ඇය කිව්වා . ඒ වගේම තමයි කොච්චර වෙහෙස වුනත් නිදි මැරුවත් ඇස් යට කළු වෙන ගැටලුව ඇයට නැහැ ලු . ඒකට හේතුව විදියට ඇය කිව්වේ ඇස් යට ඇය අර්තාපල් පෙති ඇස් මත තියල සත්කාරයක් සිදු කරන නිසාලු .

වෙලාවක් ලැබුණු ගමන් තැඹිලි තෙල් සහ සුදු පොල්තෙල්වලින් හිස් කබල හොඳින් සම්බාහනය කරනලු .වර්තමානයේ නම් නිතරම කොණ්ඩෙට කෘතිම දේවල් භාවිත කරන්න නිසා කෙස් වලට නිසි පෝෂණයක් ලැබෙන නැති බවත් තමයි පුජනී කිව්වේ .

නිතරම සැමට කොණ්ඩෙට ස්වභාවික සත්කාරම කරන්න ලැබෙනවා නම් නිරෝගිව වගේම සුන්දරත්වයත් රැකගෙන ඉන්න පුළුවන් කියලත් ඇය කිව්වා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
14
අවුල් වගේ !
2
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
2
කුජීතයි !
7
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඇන්ඩ්‍රියා ‘විශ්ව රූ රැජින කිරුළ’ දිනා ගනී

ඇන්ඩ්‍රියා මේසා නම් වන මෙක්සිකානු රූ රැජිනිය 69 වැනි විශ්ව රූ රැජින ලෙස කිරුළ...

ජනප්‍රිය නිලි විනූ සිරිවර්ධන ආදරණීය පියාගේ උපන් දිනය වෙනුවෙන් එක් කල සුබ පැතුම

අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් විනූ සිරිවර්ධන කියන්නේ. නිතරම වගේ සමාජ මාධ්‍ය...

ජනප්‍රිය නිළි බුවනි උපන් දිනය සැමරූ හැටි

නිතරම දකින්න ලැබෙන රංගන ශිල්පිණියක් නෙමෙයි බුවනි චාපා දියලගොඩ කියන්නේ. බුවනිගේ උපන්දිනය ඊයේ...

අවුරුදු අටේ පුංචි කෙල්ලෙක් සිදු කළ මේකප් එක සමාජ මාධ්‍ය තුළ කතා බහට

මෙනුගි මනුල්‍යා කියලා කියන්නේ රූපලාවන්‍ය ශිල්පිනියක්. එහෙත් ඇය අනිත් අයට වඩා බොහෝම වෙනස් කෙනෙක්.මෙනුගි...

සුරූපී නිළි ශනුද්‍රි ප්‍රියසාද් ගේ සුන්දර ඡායාරූප පෙලක්

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ කලා පවුලකින් පැවත එන  දක්ෂ , සුරූපී  මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්....

ජනප්‍රිය ගායන ශිල්පී භාතිය ජයකොඩිට කොරෝනා වෛරසය ආසාදනය වෙයි !

ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි මහතා හට කොරෝනා ආසාදනය වී ඇත.ඒ අනුව භාතිය ජයකොඩි...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x