31 C
Colombo
Saturday, April 10, 2021

පෙම්වතිය හමුවීමට ගිය තරුණයා අතරමගදී මරුට

පෙම්වතිය හමුවීමට යතුරුපැදියෙන් යමින් සිටි තරුණයෙක් ලොරි රථයක ගැටීමියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ ගල්පාත, දියගම පදිංචිව සිටි තෙබුවනගේ මොහාන් මධුසංඛ නමැති 27 හැවිරිදි තරුණයෙක් බව පොලිසිය පවසයි.

යතුරුපැදිකරු ඉකුත් 25 පස්වරුවේ කළුතර දෙස සිට හොරණ දෙසට ගමන්කර ඇති අතර, ගල්පාත ප්‍රදේශයේ දී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් යෝගට් ප්‍රවාහනය කරමින් පැමිණි කුඩා ලොරි රථයක ගැටී තිබේ. යතුරුපැදිකරු හිස්වැසුම් රහිතව ගමන් කර ඇති බවත්, ලොරි රථයේ බඳ කොටසේ හිස තදින් ගැටී ඇති බවත් මෙතෙක් කළ පරික්ෂණවලදී තහවුරු වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය. ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබේ. මෘතදේහය නාගොඩ මහරෝහලේ තැත්පත් කර ඇති අතර, පී.සී.ආර්. පරික්ෂණයකින් පසු ඥාතීන්ට භාරදීමට නියමිත බව පොලිසිය කියයි.

කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියංක සිල්වා මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දයන්ත වටගෙදර මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් චන්ද්‍රසිරි (49747) සහ කොස්තාපල් ජේ.ජී.එස්.බී. සෙනෙවිරත්න මහත්වරු පරික්ෂණ පවත්වති .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි අත්අඩංගුවට

උද්ඝෝෂණයක් අතරතුර ඇතිවූ සිද්ධියක් හේතුවෙන් සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි...

නුගේගොඩ පස් මහල් වෙළඳ සංකීර්ණයක ගින්නක්

නුගේගොඩ නගරයේ පිහිටි පස්මහල් වෙළඳ සංකීර්ණයක ගින්නක් හට ගෙන තිබෙනවා.ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවීමේ...

සෙල්ලම් කරමින් සිටි දරුවෙකුට මරු කැඳවූ යබරලූවේ කුකුළා

මල්වානේ, යබරලූව ප‍්‍රදේශයේ නිවසක ළමයින් දෙදෙනකු සෙල්ලම් කරමින් සිටියදී කුකුළෙකට බියෙන් දිව ගිය ළමයකු...

බීමත් පිරිසක් නිසා කොළඹ පාරේ උණුසුම් තත්ත්වයක්

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළා රියදුරු සහ මොටර් රථයේ ගමන්ගත් තවත් තිදෙනෙක් පළාගොස් ඇති බව...

වෙ⁣ළද පොලේ විෂ පොල්තෙල් නෑ කියන උන්ටම ඒව කවන්න ඕන..

පිළිකා කාරක අඩංගු පොල්තෙල් වෙළඳපලට නිකුත් වී ඇද්ද නැද්ද මේ පිළිබඳ බරපතළ සංවාදයක අප...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x