32 C
Colombo
Tuesday, April 20, 2021

පෙම්වතුන් යුවළගේ යතුරුපැදිය මෝටර් රියේ හැපී පෙරළුණාම, කැබ් රථයක් පෙම්වතියගේ ඇඟ උඩින් ගිහින්

පෙරේදා (22) රාත්‍රීයේ පිළියන්දල මොරටුව පාරේදී තරුණ පෙම්වතුන් යුවළක් ගමන් ගත් යතුරුපැදියක් මෝටර් රථයක ගැටී මාර්ගයේ පෙරළීමෙන් පසු ඔවුන් දෙදෙනා ඒ අසලින් ගමන් ගත් කැබ් රථයකට යට වීමෙන් පෙම්වතිය එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර පෙම්වතා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කළුබෝවිටියන, සඳසිරි කන්ද පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියක්. අනතුර සිදුකල කැබ් රථය පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 22 හැවිරිදි ඇගේ පෙම්වතා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙම යුවළ යතුරුපැදියෙන් පිළියන්දල දෙසට යමින් සිටියදී ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථය අතුරු මාර්ගයකට හැරවීම සඳහා වේගය අඩු කිරීමේදී යතුරුපැදිය මෝටර් රථයේ ගැටී එහි ගමන් ගත් මේ යුවළ මාර්ගයේ වැටී ඇති බව සඳහන්. ඒ අවස්ථාවේදී මොරටුව දෙස සිට පිළියන්දල දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් ඔවුන් දෙදෙනාගේ ශරීරය මතින් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිස් නිළධාරියෙක් සඳහන් කළා. පලා ගිය කැබ් රථය සුදුපාටට හුරු එකක් බවට සීසීටීවී දර්ශන-වලින් පැහැදිලි වන බව පොලිසිය පැවසුවා. මරණ පරීක්ෂණය පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා විසින් සිදුකරනු ලබයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ව්‍යාජ දුරකතන ඇමතුමක් දුන් තරුණියක්

දංකොටුව පොලිසියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට (119)...

ඩබල් කරගන්න හිතාගෙන බහිරව තට්ටුවේ තැබූ “රුපියල් ලක්ෂ 8ක්” කට්ටඩියෙක් පිහියක් තබා වැලි කළ හැටි

මුදල් දුෂ්කරතාවෙන් පසු වූ ව්‍යාපාරිකයකු තමා සතු රුපියල් ලක්ෂ 08 ක මුදලක් බහිරව තට්ටුවක්...

අනියම් පෙමක් නිසා වැලිගම පාසලක් උණුසුම් කළ විදුහල්පති බිරිය සහ ගුරුවරියගේ ගුටි බැට හුවමාරුව

වැලිගම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශයට අයත් බව කියන ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි ශිෂ්‍යත්ව විභාගය...

සූර් වූ අයෙක් තියුණු ආයුධයකින් බෙල්ලට අනියි – පහර කෑ පුද්ගලයා මහමග මියයයි

වැලිමඩ නුවරඑළිය මාර්ගයේ සර්වෝදය මංසන්ධිය අසල පිහිටි රට බීම හලක් ඉදිරිපිටදී (15) පුද්ගලයෙකු...

සිරුරු දෙක හොයා ගන්න කොට දෙන්න එකට බදාගෙන ගල් පරය අස්සෙ හිර වෙලා

සිංහල හින්දු අලූ‍ත් අවුරුද්දේ සිය මව හා ඥාතීන් බැහැදැකීමට බණ්ඩාරවෙල ප්‍රදේශයට බොහොම සතුටින් ගිය...

කැලණිය පුද බිම අසලදී 45ක් පමණ වයසැති පුද්ගලයෙකු සියදිවියෙන් සමුගනි

ගසක එල්ලී සියදිවි හානිකර ගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් කැලණිය රජමහා විහාරස්ථානය අසල එම විහාරයට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x