පොල්ගෙඩි 21 ක් කැඩුවාට ලක්ෂ දෙකක ශරීර ඇප

ගාල්ල දුම්රිය නිල නිවාස පිහිටි ඉඩමේ පොල් ගසකින් හොරෙන් පොල් ගෙඩි 21ක් කඩා ගැනිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (20) නියෝග කළේය.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ ගාල්ල කන්දෙවත්ත පදිංචි එන්.ජී.නිලංග දිනුෂ නමැති සැකකරුවෙකි.

සැකකරු දුම්රිය නිල නිවාස ඉඩමේ පොල් ගසකින් ඊයේ සවස  ගෙඩි 21ක් කඩා එම ස්ථානයේම ඇති 172 කිලෝ මිටර් කණුවේ ගසා ලෙලි ගසමින් සිටියදි දුම්රිය ආරක්ෂක නිලධාරින් වන ආර්.හේවාවසම්(91180) සැරයන්කේ.පී. ආනන්දලාල්(90934)කාන්තා නිලධාරිණි ඩබ්ලිව්. ඒ.දීපානි(91159) යන මහත්ම මහත්මින් විසින් අල්ලාගෙන පොල් තොගයද සමග ගාල්ල පොලිසියට බාරදි ඇත.

ගාල්ල විවිධ පැමිණි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුජිව මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක රංජිත් ආනන්ද මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී. වැඩිදුර නඩු විභාගය මැයි 4 වනදිනට කල් තබන ලදි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

දැවැද්ද නොදුන්නට නයකු දෂ්ට කරවා බිරිඳ මැරූ සැමියෙකුට ලැබුනු දඬුවම

සිය බිරිඳ නිදාගෙන සිටියදී ඇය සර්ප දෂ්ටනයකට ලක්කොට මරා දැමූ සැමියකුට කේරළ අධිකරණයක් ජීවිතාන්තය...

වීඩියෝ ක්‍රීඩා සතියකට පැය තුනකට වඩා කිරීම තහනම්!

වයස අවුරුදු 18ට අඩු බාල වයස්කරුවන්ට සතියකට පැය තුනකට වඩා වැඩි කාලයක් අන්තරජාල වීඩියෝ...

උපන් දිනය සමරන මාෂි සිරිවර්ධනගේ නැවුම් බලාපොරොත්තුව

පුබුදු චතුරංගගේ ආදරණීය බිරිද වන මාෂි සිරිවර්ධනගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා..ඒ වෙනුවෙන් පුබුදු...

තවත් කොවිඩ් මරණ 35ක්

තවත් කොවිඩ් මරණ 35ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර ඒ...

රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරෙයි

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x