26 C
Colombo
Friday, May 14, 2021

පොලිස් නිලධාරියෙකු මහමගදී රියදුරෙක්ට පහර දී පොලොවේ ගසා ඇග උඩටත් පනී..

ජනාකීර්ණ මාර්ගයක රථ වාහන හැසිරවීමේ නිරත පොලිස් නිලධාරියෙකු විසින් පුද්ගලයෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ මහරගම පොලිසියට අනියුක්ත පොලිස් නිලධාරියෙකු විසින් පන්නිපිටිය ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුකර ඇති බවයි.

මෙලෙස පහර කෑමට ලක්ව තිබෙන්නේ ලොරි රථ රියැදුරෙක් බව වැඩිදුරටත් වාර්තා වේ.

මෙම ලොරි රථ රියැදුරා විසින් මහරගම පොලිසියට අනියුක්ත රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර ඇති බවද වාර්තා වේ.

අනතුරට ලක්වූ පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

මෙම පහරදීම සිදුකළ බව කියන පොලිස් කොස්තාපල්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර විසින් නියෝග කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
24
අවුල් වගේ !
0
හරි හිනා !
24
හම්මෝ !
18
මාර දුකයි !
20
කුජීතයි !
47
මලපනිනව !
138
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

“මනුස්සය පිට කොහෙ හරි තැනකදී මරලා වාහනේක දාගෙන මෙහෙට අරගෙන එන්න ඇති”

මාතලේ රත්වත්ත දොඹගොඩ ප‍්‍රදේශය පුරා පැතිර තිබුණේ දැඩි නිහැඬියාවකි. රත්වත්ත ප‍්‍රදේශය වසාගත් කඳු වළල්ල...

කොරෝනාව බිලිගත් මුල්ම ගැබිණි මවට ප්‍රතිකාර කල වෛද්‍යවරයා කියන සංවේදී කතාව

නීලිකා ප්‍රනාන්දුට මංගල සීනු හැඬවුණේ ටිකක් කල්ගතවීය. ඇගේ ඉරණම්කාරයා වූයේ රාගම තේවත්තේ චමින්ද කුමාරය....

නිරෝදායනය වෙමින් සිටි අයෙකු දිවි නසා ගනී

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස තුළ නිරෝධායනය කර සිටි පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇති බව...

උපන් දින සාදයදා 12 හැවිරිදි දැරියට කල ලොවක් නුහුලන අපරාධය

හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි දැරියකට අතවර කර ඇති බවට දැරියගේ මව කොස්වත්ත...

එළවලු ව්‍යාපාරිකයෙකු පැහැර ගත් හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි

බණ්ඩාරවෙල නගරයේ එළවලු ව්‍යාපාරිකයෙකුට පහර දී ඔහු පැහැරගෙන යන ආකාරය සී.සී.ටී.වී. ආරක්ෂක කැමරාවක සටහන්ව...

කොරෝනා මැද, මොරටුව නගරය මැදදී සියල්ලන් ඉදිරියේ අවසන් හුස්ම හෙළු පුද්ගලයා ගැන වෙනස්ම කතාවක් එළියට

මේ මොරටුව නගරමධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක්. අද උදෑසන 7.30ට පමණ ත්‍රිරෝද රථයක් මෙම පිරවුම්හලෙන් ඉන්ධන...

අපගේ නවතම පුවත්

2
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x