පොලිස් බස්වල ඉන්ධන සොරකම් කළ කොස්තාපල්වරු

මරදානේ බස් රථ ගාලකදී පොලිසියේ මැදිහත්වීමෙන් සිදුකරගෙන ගිය ඉන්ධන ජාවාරමක් ගැන “අද දෙරණ” උකුස්සා ඊයේ (28) විශේෂ අනාවරණයක් කළේය.

එම ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු එම අනාවරණයෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද (29) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිල බස්රථවල ඩීසල් පෞද්ගලික බස් රථවලට අලෙවි කිරීමේ ජාවාරම සිදුකර තිබුණේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සහ තවත් පිටස්තර පුද්ගලයෙකුගේ එකතුවෙනි.

එම අනාවරණයෙන් පැය 24ක් ගතවීමටත් පෙර ඒ පිළිබඳ විමර්ෂණයක් ඇරඹීමට පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අද දෙරණ අනාවරණය පිළිබඳ අවධානය යොමුකරමින් පොලිස් කොස්තාපල් රියදුරන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවය.

මේ අතර තෙල් ලබා ගැනීමට සහය දුන් නෑබඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සිදුවීමට සම්බන්ධ තවත් අයෙක් හඳුනාගෙන ඇතැයිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

“අද දෙරණ” උකුස්සා වැඩසටහනින් මෙම ජාවාරම පිළිබඳ හෙළි කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොලීසියේ ස්තූතිය පළ කරන බව ද ඒ මහතා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මෙරට කොවිඩ් ව්‍යාප්තිය ගැන මේ දැන් ලැබුණු අසුබ ආරංචිය – සෞඛ්‍ය අංශ හෙළි කරයි

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1128 දෙනෙකු වාර්තාවී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව...

බෙහෙත් පෙති වැසිකිළි කවුළුවෙන් එළියට විසි කරලා – බදුර්දීන්ට ලෙඩක් තිබිලා නැහැ

හදිසි රෝගී තත්ත්වයක් නිසා බව කියමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප‍්‍රතිකාර ලබමින් සිටි හිටපු...

පොලිස් ස්ථානයක කොවිඩ් පොකුරක්

වැල්ලවාය, පොලිස් ස්ථානයේ නිලධාරීන් දාහත් දෙනෙකුට කොවිඩ් -19 ආසාදිදනය වී ඇති බව අනාවරණය වී...

කොවිඩ් මරණ 45ක්

තවත් කොවිඩ් මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.ඒ අනුව මෙරට...

පැන ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනියි

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් වාට්ටුවෙන් පැන ගිය අසාදිතයෙකු  අල්ලා යලිත් නාවලපිටිය දිස්ත්‍රික් මහ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x