27 C
Colombo
Saturday, April 10, 2021

පොලිස් සැරයන්වරයෙක් රිය අනතුරකින් ජීවිතක්ෂයට

රිය අනතුරකින් 49 හැවිරිදි වියේ පසුවූ පොලිස් සැරයන්වරයෙක් මිය ගොස් තිබෙනවා. ඒ වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේදි.

ඊයේ (15) පස්වරුවේදී තෙලුල්ල, 304 කිලෝමීටර් කණුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරින් මියගිය පොලිස් නිලධාරියා වැල්ලවාය පොලිසියට අනුයුක්තව සේවයකර, ඊයේ දිනයේ ස්ථාන මාරුවීම් ලැබූ අයෙක් බවයි වාර්තා වන්නේ. අනතුරෙන් ඔහුගේ දරුවා ද බරපතළ තුවාල ලබා තිබෙනවා. අධික වේගයෙන් ධාවනය වූ ටිපර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් පසු තුවාලකරුවන් වැල්ලවාය, හඳපානාගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් සැරයන්වරයා මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. තුවාල ලැබූ දරුවා මේ වන විට මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ගල්කිරියාගම බස් රථයක් ඇළකට පෙරළෙයි – 18ක් රෝහලට

දඹුල්ල-ගල්කිරියාගම මාර්ගයේ තෙලදින්නවැව ප්‍රදේශයේ දී බස් රථයක් අද (06) දහවල් ඇළකට පෙරළී සිදුවූ රිය...

මව ජංගම දුරකතනය නොදුන් නිසා, 14 හැවිරිදි සිසුවා ගෙළ වැළලාගෙන

යාපනය සුළිපුරම් පිලවට්ටෙයි ප්‍රදේශයේ මවක් සිය දරුවාගේ ජංගම දුරකතනය ලබා ගැනීම නිසා 14 හැවිරිදි...

අපිට මිදුලෙන් කෙඳිරිලි හඬක් ඇහුණා

මත්පැන් සාජ්ජයකින් අනතුරුව ඇතිවූ බහින්බස් වීමක් නිසා පුද්ගලයකුට මන්නා පිහියකින් පහරදී බරපතළ තුවාල සිදුකළැයි...

අනියම් සැමියාට පහරදී ගෙළවැලලාගෙන බවට පේන්න එල්ලලා

මුන්දලම පාලසෝලේ ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් ඔහුගේ අනියම් බිරිඳ, ඇයගේ සොහොයුරා, අනියම් බිරිඳගේ...

බීමත් පිරිසක් නිසා කොළඹ පාරේ උණුසුම් තත්ත්වයක්

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළා රියදුරු සහ මොටර් රථයේ ගමන්ගත් තවත් තිදෙනෙක් පළාගොස් ඇති බව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x