පොලිස් SI නිල ඇඳුමෙන් සැරසුණු පන්නිපිටියේ හොරා පොලිස්

උප පොලිස් නිල ඇඳුම ව්‍යාජ ලෙස භාවිත කළ පුද්ගලයකු පන්නිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු උප පොලිස් පරීක්ෂක නිල ඇඳුම භාවිත කරමින් විවිධ ව්‍යාපාර කටයුතු සහ අනෙකුත් විවිධ කටයුතු කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
 
මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සිදුකරන ලද පරීක්ෂණයකින් අනතුරුව පන්නිපිටිය, පොල්වත්ත ප්‍රදේශයේදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔහු රක්වාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ. මේ පුද්ගලයා උප පොලිස් පරීක්ෂක නිල ඇඳුමෙන් සමාජ ජාල මාධ්‍ය තුල ද පෙනී සිට ඇති බවයි මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ව්‍යාජ ලෙස සැකසූ පොලිස් හැඳුනුම්පතක් ද ඔහු සන්තකව තිබී හමුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පිළිකාව විනාශ කරන පෝෂක ඖෂධයක්

පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධ කීපයක් ළගදීම වෙළෙදපොළට නිකුත් කරන බව කොළඹ...

ගුවන් තොටුපළ සේවකයෙකුගේ උදරයෙන් රත්තරන් මතුවෙයි

රුපියල් කෝටි 07 ක් ( මිලියන 70 ) ක් වටිනා රත්තරන් කිලෝ ග්රැම් 04...

බිරිඳට පහර දී, භූමිතෙල් දමා පුළුස්සාලා…

වව්නියාව පූවර්සන්කුලම්, කට්පගපුරම් ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට පහර දී,...

මෝරු නිසා හිත උණුවූ රාජ්‍ය ඇමති

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදුකෙරන බවට චෝදනා එල්ලවන නීති විරෝධී මෝර මසුන් ඇල්ලීමේ ධිවර කටයුතු සම්බන්ධයෙන්...

නව චක්‍රලේඛයක්

කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x