පොලිසියට බිස්කට් පැකට්ටුවක් දී ‘පැන යන්න හැදූ’ කුඩු ජාවාරම්කරු

ඉංගිරිය, නම්බපාන කැටකැඩඇල්ල පාලම අසළ මාර්ග බාධකයේ දී හෙරොයින් මත්කුඩු තොගයක්ද සමග තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රෝගී බිරිඳට බෙහෙත් ගෙනයන මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ඔහු එන ස්ථානයෙන් ගැලවී යාමට උත්සාහ කළ බවයි පොලිසිය සඳහන් කළේ.

මෝටර් රථයකින් මත්කුඩු ප‍්‍රවාහනය කරමින් සිටි එම පුද්ගලයා සන්තකයේ තිබී රුපියල් ලක්ෂයකට අධික මත්කුඩු ග‍්‍රෑම් හයකට ආසන්න ප‍්‍රමාණයකුත් ඊට අමතරව වෛද්‍ය වාර්තා අඩංගු ලිපිගොනුවක් සහ බෙහෙත් පෙති පැකට් කිහිපයකුත් සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

ඉංගිරිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයට නිලධාරීන් නවතන ලෙස සංඥා කිරීමෙන් අනතුරුව සැකකරු එකවරම බිස්කට් පැකට්ටුවක් එම ආරක්ෂක නිලධාරීන් වෙත දිගුකර තිබුණා.

අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී කුළී පදනම මත මෝටර් රථය ලබාගෙන තිබූ බවත්, හොරණ එගොඩවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් හෙළිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වාහන මිල දෙගුණ තෙගුණ වෙයි

මෙරට වාහන අලෙවිය සීග්‍රයෙන් පහළ බැස ඇති බවට වාහන ආනයනකරුවන් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ වාහන...

පුංචි තිරයේ අහිංසකාවිය මහේෂි මදුෂංකා උපන් දිනය සැමරූ හැටි – Photos

පුංචි චිරයේ රසික ආදරය දිනාගත්තු ජනප්‍රිය තරුවක් තමයි මහේෂි මදුෂංකා. ඇයගේ උපන් දිනය අදට යෙදී...

මෙරට විශිෂ්ට ක්‍රීඩකයෙකු අභාවප්‍රාප්ත වෙයි

මෙරට රගර් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා විශිෂ්ට සේවාවක් කළ චන්ද්‍රිෂාන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.   ඒ...

අක්කවයි නංගිවයි දෙන්නම සහේට ගන්න හිතුණ තරුණයාට වැඩ වැරදුනු හැටි

ස්වයං රැකියාවක නිරත වන ඔහු වයස අවුරුදු 28 ක තරුණයෙකි .කලක් සිටම ඔහු එම...

වසංගතය මැද ආගමික වතාවත් සිදුකිරීමට මාර්ගෝපදේශ නිකුත් කෙරේ

කොවිඩ් වසංගතය හමුවේ ආගමික සිද්ධස්ථාන සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරිමට සෞඛ්‍ය සේවා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x