පොලීසිය ඇතුලේ වැරදි අල්ලන්න අලුත් ක්‍රමයක්

පොලිස් නිලධාරීන්ගේ විනය විරෝධී ක්‍රියා පිළිබඳ සොයා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට වෙනමම විමර්ශන ඒකකයක් පොලීසිය තුළ පිහිටුවීමට රජය සූදානම් වනවා.

ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසූවේ යුද හමුදාවේ නිලධාරින්ගේ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මිලිටරි පොලිසිය යනුවෙන් හැඳින්වෙන වෙනම අංශයක් ක්‍රියාත්මක වන බවයි.

පොලීසිය තුළ ද එවැනිම ඒකකයක් පිහිටුවීම තමාගේ බලාපොරොත්තුව බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

මේ පිළිබඳව මේවන විටත් තමා ජනාධිපතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ද අමුණුගම මහතා අනාවරණය කළා.

පොලිසියේ දූෂණ අක්‍රමිකතා සහ වෙනත් විශමාචාර වැළැක්වීම සඳහා මෙවැනි අංශයක අවශ්‍යතාව තදින්ම දැනී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් තමා මේ දිනවල කරුණු සොයා බැලීමක් කරගෙන යන බව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ලේ කුපිත වුණ ජනතාව ඇමතිට පොලුවලින් ගසා ගිණි තබයි

වගා කටයුතු සඳහා පොහොර ඉල්ලමින් ගොවීන් විවිධ ප‍්‍රදේශවල විරෝධතා පවත්වමින් සිටියි. ඊයේ දිනයේ හිඟුරක්ගොඩ පැවති...

සිමෙන්ති කොට්ටයක මිලත් ඉහළට

කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93 කින් ඊයේ (10) සිට ක්‍රියාත්මක වන පරිදි...

ජනප්‍රියත්වයට සල්ලිවලට ආදරේ කරන කෙල්ලෙක් කොහොමත් මට එපා..” – මැණිකේ මගේ හිතේ ගීතයේ මුල් අයිතිකරු කියයි

මැණිකේ මගේ හිතේ ගීතය ගැන මතක් කරන හැම මොහොතකම යොහානිගේ නම විතරක් නෙමෙයි බොහෝ...

කොවිඩ් මරණ 21ක්

තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (13) දින...

බන්දුලගේ රු.100ට වඩා අඩුවෙන් දෙන සහල් අද

පිටරටින් ගෙන්වන සහල් තොගයක් අද(10) කොළඹ වරායට ළගාවීමට නියමිත ය. වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x