30 C
Colombo
Friday, September 17, 2021

පොලීසිය දැඩි අවදානමක..? හේතුව මෙන්න

පොලිස් නිලධාරින් 28 දෙනෙකු මේ වන විට කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. මේ අතර පොලිස් නිලධාරීන් 11,700කට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම, මේ වනවිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 140 දෙනෙකුට අගෝස්තු මාසයේදී පමණක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසුවේ වෛරසය ආසාදනයවූවන් අතර වෛද්‍යවරු 11දෙනෙකු, හෙද හෙදියන් 55දෙනෙකු, අතුරු වෛද්‍ය සේවාවේ 10දෙනෙකු ද සිටින බවය.

සෑම දිනකම රෝහල් කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු වෛරසයට නිරාවරණය වන බව ඔහු පැවසීය. මේ අතර, නයි නැටවීම, රිලවුන් නැටවීම සහ සාස්තරකීම තුළින් තම ජීවිකාව සරිකර ගන්නා ජනතාව පදිංචි වව්නියාව, නොච්චිකුලම තෙළිඟු ගම්මානයේ 26 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

ඒ, ඊයේ එම ගම්මානයේ 164 දෙනෙකුට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදීය. බණ්ඩාරවෙළ එළවළු තොග වෙළෙඳ මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටි නාට්ටාමිවරයෙක් කොවිඩ් ආසාදිත බවට අනාවරණය වීමෙන් පසු ඔහුගේ ඥාතීන් විසින් ඔහුව භාරනොගැනීම නිසා ඔහුට තොග වෙළඳ මධ්‍යස්ථානයේ රැඳී සිටීමට සිදුවිය.

පසුව මේ පිළිබඳ දැනගත් බණ්ඩාරවෙල නගරාධිපතිවරයා , සෞඛ්‍ය අංශවලට දැනුම්දීමෙන් පසු ගිලන් රථයක් ගෙන්වා බිදුණුවැව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත එම ආසාදිතයාව යොමුකරනු ලැබීය. මේ අතර දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් වූ තීරණය හෙට ජනාධිපතිවරයා සමග පවත්වන සාකච්ඡාවේදී තීරණයකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

දැනට නිවසේදී ප්‍රතිකාර ලබාදීම සහ කළමනාකරණය කිරීම සඳහා බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිතයින්ට හඳුන්වා දුන් 1904 SMS සේවාව අද (02) දකුණු පළාතටත් හඳුන්වාදුනි. ඒ අනුව ඔබ නිවසේ සිටින කොවිඩ් ආසාදිතයෙකු නම්, ඔබට ශ්වසන ආබාධ සහ අනෙකුත් සංකූලතා ඇත්නම් A අක්ෂරයද , උණ සහ අනෙකුත් රෝග ලක්ෂණ ඇත්නම් B අක්ෂරයද, රෝග ලක්ෂණ නොමැති අයෙක් නම් C අක්ෂරය ද යොදා ඔබේ වයස, උපන් දිනය සහ ලිපිනය ද සටහන් කර 1904 අංකය වෙත SMS පණිවිඩයක් යොමු කිරීමෙන් අදාළ සේවාව ලබාගත හැකිවෙයි.

මේ අතර පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය යටතේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ බස් රථ ඊයේ පයාගල පොලිසියේ පරික්ෂාවට ලක්කෙරුණා. එහිදී අත්‍යාවශ්‍ය සේවා පුවරුව යටතේ සාමාන්‍ය මගීන් ද ධාවනය කළ බස් රථයකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් පියවර ගත්තේය.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ බස් සහ දුම්රියේ පවතින අධික තදබදය පාලනය කිරීම සඳහා නිසි සැළැස්මක් ක්‍රියාත්මක නොකරන තෙක් කොවිඩ් පැතිරීම පාලනය කරගැනීමට නොහැකි වනු ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
4
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
3
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

මිල වැඩි කළත් ලාෆ්ස් ගෑස් හිඟවීමට හේතුව හෙළිවේ

යළි ගෑස් මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් පවතින බව ලාෆ් ගෑස් සමාගම පවසනවා. පසුගියදා ගෑස් මිල...

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා නිල සංචිතය මෙන්න

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද...

බීමත්ව මිතුරන් සමග එල්ලුම්ගහ බැලීමට ගිය රාජ්‍ය ඇමති

රාජ්‍ය අමාත්‍යවරයෙක් සිය මිතුරන්ට එල්ලුම්ගහ බැලීමට අවශ්‍ය බව පවසමින්, බීමත්ව, බලහත්කාරයෙන්, වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට...

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා 20-20 පලමු තරගයේ ජය පරාජය විසදුණේ මෙහෙමයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පලමු...

හිටිහැටියේ සතොස ලොක්කෙක් අත්අඩංගුවට

සතොස ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සුදු ලූනු කිලෝ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x