පෝලිම් කඩාගෙන ඉන්ධන පිරවුම් හලේ ගැටුමක්

මොරවක ඉන්ධන පිරවුම්හලට පැමිණි යතුරුපැදිකරුවන් කිහිපදෙනෙක් එහි රාජකාරියේ යෙදී සිටි සේවකයින් තිදෙනෙක් ට පහර දී පළා යෑමේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (30) රාත්‍රී 7.10ට පමණ ඉන්ධන ලබා ගැනීමට එම පිරිස පැමිණ ඇති අතර, ඉන්ධන පිරවුම් හලේ සේවකයෙක් පෝළිමේ සිට ඉන්ධන ලබාගන්නා ලෙස දැනුම් දී ඇත.

එහිදී කෝපයට පත්ව අදාළ යතුරුපැදිකරුවන් සේවකයින්ට පහර දී ඇති අතර, එක් සේවකයෙකුගේ හිසට සිදුවු තුවාල හේතුවෙන් මොරවක දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ.

පහරදීමෙන් පසු පළා යමින් සිටි යතුරුපැදිකරුවන් කළුබෝවිටියාන පොලිස් මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 23, 26 හා 29 හැවිරිදි වියේ පසුවන මොරවක ඉදිකිරීම් සමාගමක සේවය කරන පුද්ගලයින් තිදෙනෙකි.

සැකකරුවන් මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිදුවීම සම්බන්ධයෙන් මොරවක පොලීසිය පරීක්ෂණ පවත්වයි.

එම සිදුවීම ඉන්ධන පිරවුම් හෙල් සවිකර තිබු CCTV කැමරාවේ මෙලෙස සනිටුහන් ව තිබුණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

එලියන්ත වයිට්ගේ පුතා හා දුවගේ ආරක්‍ෂාවට පොලිසියේ 21ක්.

කොරෝනා ආසාදනය වී අභාවප්‍රාප්ත වූ වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ දියණිය සහ පුත්‍රයා ගේ ආරක්ෂාවට...

ජෝසප් ස්ටාලින් ගෝල්ෆේස් එකේ උල තියන්න සූදානම්

ගුරු වැඩ වර්ජනය සංවිධානය කරන ජෝසප් ස්ටාලින්ට බිත්තර ගැසීම නොව රජ කාලේ දඬුවම් දිය...

පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ වැසි වාර...

රන්ජන් හිරේ ඉඳන් විනිසුරුවරියට ලියුමක් ලියයි

සැඟවුන වත්කම් තිබෙන බවට පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වූ පුද්ගලයන් වන නිරූපමා රාජපක්ෂ සහ...

ගොවි උද්ඝෝෂණයක් අතරතුර ගොවියන් යටකර පලා ගිය ආණ්ඩු පක්ෂ නායකයා අත්අඩංගුවට

පසුගිය ඔක්තොම්බර් 03 වැනිදා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හී ලක්හිම්පූර් ප්‍රදේශයේ විරෝධතාවයේ නිරතව සිටි ගොවීන්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x