25 C
Colombo
Monday, June 14, 2021
logo

පෞද්ගලික රෝහලක් කොරෝනා ව්‍යාප්ත කිරීමේ මෙහෙයුමක ?

තුල්හිරිය කම්හලේ පොසිටිව් වාර්තා විනාශ කරලා

තුල්හිරිය ඇඟලුම් කම්හලේ සේවකයන්ට කළ පී.සී.ආර්. මගින් හාරසියයකට කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ වාර්තා විනාශ කළ බව කියන එක්තරා පෞද්ගලික රෝහලක් සම්බන්ධව ජනාධිපති නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එම ඇඟලුම් කම්හලේ සේවකයන් හාරදහසකට මෙම රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර එම පී.සී.ආර්. පරීක්ෂණ කර ඇත්තේ සෞඛ්‍ය නිර්දේශ නොතකමින් යැයිද අනාවරණය වී ඇත.

මෙම පරීක්ෂණ අක්‍රමවත්ව සිදු කර ඇති හෙයින් ආසාදිතයන් සම්බන්ධයෙන් දුන් වාර්තා පරස්පර බව කොවිඩ් කමිටුව අනාවරණය කරගෙන තිබේ.

ඉන්පසු එම රෝහලෙන් අදාළ වාර්තා ටික ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් කොවිඩ් කමිටුවට උපදෙස් දී ඇති අතර බදාදා (19 වැනිදා) වන විට එම වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියදී ඒවා විනාශ කළ බව අදාළ පෞද්ගලික රෝහල දන්වා ඇත.

දිනක් ඇතුළත අදාළ වාර්තා විනාශ කිරීම සැකසහිත වූයෙන් වහාම ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබේ.

මේ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳ වාර්තාවක් කැඳවා ඇත.

දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 1200ක් පමණ කිරීමට අවසර දී තිබියදී මෙම සතියේ දින දෙකකට එම රෝහලින් පී.සී.ආර්. පරීක්ෂණ 7000ක් කර ඇති බවද හෙළි වී තිබේ.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා – Aruna

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
6
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
3
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
7
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
12
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
32
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
9
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පළාත් කිහිපයකට අද වැසි

අද (14) දිනයේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

මේක දේව සාපයක්ද-දේව කෝපයක්ද? හාමුදුරුවො හොයන දේ

කිසිදනක රටට ‌මෙවැනි දෙයක් සිදුව නැති බවත්, රටට දේව සාපයක් හෝ දේව කෝපයක් වැදී...

කාලගුණ අනාවැකි

සබරගමුව පළාතේ සහ නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී....

තවත් මාසයක් රට වසා දැමිය යුතුයි.. දෛනිකව රෝගින් 10,000ක් මගහැරෙනවා

සංචරණ සීමා පැනවීමෙන් නිසි ප්‍රතිඵල ලැබීමට නම් තවත් සති තුනක් හෝ හතරක් රට අගුළු...

වැලි සොයා ආණ්ඩුව මුහුදට බහින්න සැරසෙයි

අණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති 13ක් උග්‍ර අර්බුධයකරජය විසින් වසර 2025 දක්වා ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x