ප‍්‍රකට වාහන අලෙවි සමාගමකට නඩු.. ගිණි ගානට අමතර කොටස් වෙලදාමේ

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත ට අනුව අලෙවිය සඳහා ඇති ඕනෑම භාණ්ඩයක මිළ ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය වේ.

නමුත් මෙරට වාහන සහ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන ප්‍රසිද්ධ සමාගමක් උක්ත නීති රීති උල්ලංඝනය කරමින් වාහන අමතර කොටස් අලෙවි කරනු ලැබ ඇත.

පුත්තලම පාරිභෝගික අධිකාරිය විසින් සමාගමෙහි පුත්තලම ශාඛාව සම්බන්ධව සිදුකරන ලද විමර්ශනයකදී මේ බව අනාවරණය වී ඇත.

මෙලෙස මිල ලකුණු නොකිරීම තුළින් සිදුවන බරපතලම කාරණාව වන්නේ වාහන අමතර කොටස් මිල දිනෙන් දින ඉහළ යන තත්ත්වයක් තුළ, අඩු මුදලට පාරිභෝගිකයා අතට පත් කළ හැකි පැරණි තොග ද වර්තමාන මිලගණන් යටතේ ඉතා අසාධාරණ ලාභ උපයමින් අලෙවි කිරීමයි.

මේ සම්බන්ධව ඔක්තෝම්බර් මස 12 වන දින සමාගමට එරෙහිව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර මෙවැනි විමර්ශන දිස්ත්‍රික්කය පුරා තවදුරටත් ක්‍රියාත්මක බව පුත්තලම පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

– කේ. රත්නායක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
5
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

උගන්ඩා කාන්තාවගේ උදරයේ තිබි හමු වු ගූලි 100 නිසා ගුවන්තොටේදි ඇය අත්අඩංගුවට

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණි 45 හැවිරිදි උගන්ඩා ජාතික...

ස්වර්ණමහල් ෆයිනෑන්ස් ගැන මහ බැංකුවෙන් දුන් නියෝගය

මාස හයක සීමිත කාල සීමාවක් සඳහා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ...

විදෙස් ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. පේදුරු තුඩුවට නැගෙනහිර මුහුදේදී...

මනෝජ් රාජපක්ෂගේ සිය බිරිද වන සෙව්වන්දි රාජපක්ෂගේ උපන්දිනය සැමරු හැටි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුත් මනෝජ් රාජපක්ෂගේ සිය බිරිද වන සෙව්වන්දි රාජපක්ෂගේ උපන්දිනය වෙනුවෙන් පුංචි...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර තරගයේ කාසියේ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x