බංග්ලාදේශයෙන් දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ ඊයේ (21) පළමු දිනය නිමාවන විට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 302ක් රැස්කර ගත්තා.

මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී මෙම තරඟය පැවැත්වුනා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස සයිෆ් හසන් ලකුණු බිංදුවකට දැවී ගියේ මුළු ලකුණු ගණන 8ක්ව තිබියදීය.

අනතුරුව තමීම් ඉක්බාල් සමග පිටියේ එක්වූ නජ්මුල් හොසේන් ෂන්ටෝ, දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 144ක් එක් කළා.

ඉක්බාල් ලකුණු 90යි.

දිනය නිමාවන විට ෂන්ටෝ නොදැවී ලකුණු 126ක් සහ නායක මොමිනුල් හක් නොදැවී 64ක් රැස්කර තිබුනා.

පන්දු යැවීමෙන් විශ්ව ප්‍රනාන්දු ලකුණු 61ට කඩුලු 2යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඉන්දීය යොවුන් ක්‍රීඩක චෙතන්ගේ පියා කොවිඩ් වැලදී මරුට

මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය නියෝජනය කරමින් දස්කම් දැක්වීමට සමත් වූ යොවුන් ක්‍රීඩක චෙතන්...

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් මහා තරඟයට එක්වන ඉන්දීය සංචිතය නම් කරයි

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟයට නවසීලන්තය සමඟ තරඟ වදින ඉන්දීය සංචිතය මේ වනවිට ප්‍රකාශයට...

මහේල මාලදිවයිනේදී නිරෝධායනයට ලක්කරයි

ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන මාලදිවයිනේදී නිරෝධායනයට ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x