බඩු ගනන් නිසා අද කට්ටිය අත හොල්ලයිද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභාව අද රැස්වීමට නියමිතයි.මෙය පැවැත්වෙන්නේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදි වත්මන් දේශපාලන වාතාවරණය ඇතුළු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකෙරෙන බවයි පක්ෂ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ.

තවද ,

“සුපුරුදු පරිදි මාසිකව පැවැත්වෙන පක්ශයේ මහ සභා රැස්වීම දින කිහිපයක් ප්‍රමාද වෙලා පවත්වන්න සිදු වෙනවා.රටේ සමකාලින දේශපාලන වාතාවරනය පිළිබද පක්ශයේ මතය සාකච්චා වෙනවා.විශේෂයෙන් මේ වෙද්දි අයවැය සම්බන්ධව කතාබහ සිද්ධ වෙනවා.”

එමෙන්ම රටේ බඩු මිල ඉහල යෑම , ගෑස් භීතිකාව මෙන්ම ඉන්ධන හිගයක් ඇති වේද යන ජනතාව අතර ඇති බිය පිළිබදව පක්ශයේ කාරක සභිකයන්ගේ මතයන් සාකච්චා වන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් එතුමා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
4
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්