29 C
Colombo
Monday, June 21, 2021
logo

බණ කියූ වරදට විහාරාධිපති හිමිනම ඝාතනය කරලා

පහරකෑමකට ලක්ව රෝහල් ගත කර සිටි වැලිගම ගොවියාපාන කපුවත්ත ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි පූජ්‍යපාද තිත්තගල්ලේ දේවානන්ද නාහිමිපාණෝ අපවත් වී තිබෙනවා.

මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ අපවත් වී ඇත්තේ ඊයේ (16) දිනයේ දියි.

පස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දේවානන්ද ස්වාමීන්වහන්සේට පහර දී තිබූ බව වාර්තාවන අතර ඉන් ලද තුවාළ හමුවේ උන්වහන්සේ රෝහල්ගත කර තිබුණා.

අපවත්වන විට උන්වහන්සේ 89 වැනි වියේ පසු වුණා.

ධර්ම කරුණක් ගෙන හැර පාමින් ස්වාමීන්වහන්සේ ලබා දුන් උපදෙසක් සම්බන්ධයෙන් කෝපයට පත් වී ඔවුන් මෙම පහරදීම සිදු කර ඇති බව පැවසෙනවා.

කපුවත්ත ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානය ආසන්නයෙන් ගලා බසින ඇල මාර්ගයේ පසුදිය දා තරුණයෙකු මසුන් අල්ලමින් සිට තිබෙනවා.

එය දුටු දේවානන්ද ස්වාමීන්වහන්සේ එම ස්ථානයට පැමිණ සත්ත්ව ඝාතනයෙන් සිදුවන අකුසල් පිළිබඳ පැහැදිළි කරමින් ඔහුට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

ස්වාමීන්වහන්සේගේ වදනින් කෝපයට පත්ව ඇති තරුණයා පසුව ඔහුගේ මිතුරන්වන තවත් තරුණයින් සිව්දෙනෙකු ද කැඳවාගෙන විහාරස්ථානයට පැමිණ ඇති අතර විහාරස්ථානය තුළ දීම දේවානන්ද ස්වාමීන්වහන්සේට දැඩි ලෙස පහර දී තිබෙනවා.

මෙලෙස පහරකෑමට ලක් වූ උන්වහන්සේ මාතර මහ රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි ඊයේ අපවත්වී ඇත්තේ.

මේ අතර මෙම පහරදීමට සම්බන්ධ සියලූ දෙනාට නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස වැලිගම ගුරුබැවිල ශ‍්‍රී නාගමහා විහාරාධිපති පූජ්‍යපාද දෙනගම රාහුල හිමිපාණන් පොලිසියෙන් ඉල්ලා සිටිනවා.

රාහුල හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දැනට කි‍්‍රයාත්මක වන නිරෝධායන නීති අනුව අපවත්වී වදාල පූජ්‍යපාද තිත්තගල්ලේ දේවානන්ද හිමිපාණන්ගේ ආදාහන කටයුතු අද (17) දින තුළ දීම සිදුකරන බව යි.

ඝාතනය සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු මේවන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ සිදුකරන බවත් වැලිගම පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට පත් දෙදෙනා අවුරුදු 23, 24 යන වයස්වල පසුවන වැලිගම පදිංචිකරුවන් බව ද සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
2
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
3
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
97
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
41
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
6
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රට විවෘත කළත් ඉදිරියටත් පැනවෙන සීමා මෙන්න

රට විවෘත කළත් දැඩි සීමාවන් පැනවීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.ඇය...

සංචරණ සීමාවන් ඉවත් කෙරෙන හැටි මෙන්න

සංචරණ සීමාවන් ලබන 21 වෙනිදා සිට අලුයම 4.00ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය...

අති භයානක ඉන්දීය ප්‍රභේදය කොළඹට ඇතුළු වෙයි

ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන භයානක කොවිඩ් ප්‍රභේදය මෙරටින් හමු වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ...

රටේ සැබෑ තත්ත්වය ඉදිරියේදී හෙළි වේවි – PHI සභාපති රටට කියන කතාව

එළඹෙන 21 වනදා රට විවෘත කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව ඉදිරි දින කිහිපයේදී ලැබීමට...

සංචරණ සීමා ගැන ඉදිරිපත් වූ යෝජනාව

දිවයින පුරා දැනට පනවා ඇති සංචරණ සීමා මෙම මස 28 වැනිදා දක්වා දීර්ඝ කරන...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x