බදුල්ල පස්සර මාර්ගයේ වෑන් රථයක් පෙරළීමෙන් රියදුරු ජීවිතක්ෂයට

බදුල්ල පස්සර මාර්ගයේ 2කණුව දියනගල ප්‍රදේශයේදි මගී ප්‍රවාහන වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් රියදුරු මියගොස් තවත් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබුවන් මේ වන විට බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙන බව පොලිසිය සඳහන් කළා.

මෙම අනතුර සිදුව ඇත්තේ බදුල්ල නගරයේ සිට ගැනර්පිල් වත්තට මගීන් ප්‍රවාහනය කරමින් සිටියදියි.

වෑන් රථයේ රියදුරු යම් කිසි කටයුත්තකට වෑන් රථය නවතා ඉන් බැස ගොස් ඇත්තේ රථයේ අත් තිරිංග ක්‍රියාත්මක කිරීමෙන් තොරවයි.

කෙසේ වෙතත් ඉන් පසු අත් තිරිංග ක්‍රියාත්මක නොකර ඇති බව දුටු ඔහු නැවත දුව ගොස් හදිස්සියේ එය ක්‍රියාත්මක කිරීමට යාමේදීයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. බදුල්ල පොලිසිය මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
4
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කොවිඩ් මරණ 29ක්

තවත් කොවිඩ් මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ...

නංගිව බේරාගන්න සමීම් පුතා දියට පැන්නා. දෙන්නම ගිලුණා

“අපි කොළඹ ගොස් නුවරඑළිය හරහා නිවෙසට යෑමට යනවිට මියගිය මගේ මස්සිනා වන නියාස් අයියා...

ජනතාවට සහනයක් වාසු අයවැය රහසක් හෙළිකරයි

ජනතාවට  ඉදිරි අයවැයෙන්  අත්‍යවශ්‍ය බඩුමල්ලක්  ලබාදීමේ වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව  ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර...

රස්තියාදු නොවී තත්ත්පර කිහිපයකින් ගුවන් තොටෙන් පිටව යන්න ක්‍රමවේදයක්

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට තත්පර 20ක් තුළ ගුවන් තොටුපළෙන් පිටවීම සදහා...

තම ඇරයුම ප්‍රතික්ෂේප කළ නිසා සෙබළෙකු මැසෙන්ජර් හරහා පාසල් දැරියට කළ අපරාධය

16 හැවිරිදි දැරියකගේ ඡායාරූපයක් යොදාගෙන ඇය යවන ආකාරයෙන් අපහාසාත්මක දෑ අඩංගු කර ෆේස්බුක් හරහා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x