32 C
Colombo
Thursday, April 22, 2021

බන්දුලගේ සහන මල්ල අද සිට: එක්කෙනාට එක මල්ලයි: වාසිය 410යි

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 12ක් සහිතව රුපියල් 1000කට දෙන සතෝස සහන මල්ල අද (1) සිට  සතොස වෙළෙඳසල්වලින් මිලදී ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

වෙළෙඳපොළේ ඇති භාණ්ඩ මිල සහ සසඳද්දී මෙම බඩු මල්ලක් මිලදී ගැනීමෙන් රුපියල් 410ක ලාබයක් පිරිභෝගිකයාට හිමි වේ.

සුදු කැකුළු,රතු කැකුළු,සුදු සීනි,පරිප්පු,පාන්පිට,ලුණු කැට කිලෝව බැගින් ද හාල්මැස්සන්, කෑලි මිරිස්, සෝයාමීට්, තේකොළ  ඇතුළු භාණ්ඩ 12ක් මෙම මල්ලට ඇතුළත් වී ඇතැයි ද වෙළෙඳ අමාත්‍යවරයා කියයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

“සතොස වැළඳගත් ජනතාවට අවුරුදු දීමනාවක් ලෙස සතොස ආයතනය විසින් සහන මල්ලක් හෙට සිට ලබාදෙනවා. ඒ තුළින් වෙළෙඳපොළේ පවතින මිලට වඩා රුපියල් 410ක ඉතිරියක් ඇතිවෙන බව තමයි සතොසින් මට දන්වලා තියෙන්නේ.  එක් පුද්ගලයෙකුට එක මල්ලක් පමණයි. දේශීය පොල්තෙල් සතොසෙන් ගන්න පුළුවන් පොල් තෙල්වලට ආදේශක වන සෝයා තෙල් රු.160ක් අඩුවෙන් අපි ලබා දෙනවා. “

SATHOSA 950x1024 1 | Gossip Lanka
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
27
අවුල් වගේ !
1
හරි හිනා !
52
හම්මෝ !
2
මාර දුකයි !
8
කුජීතයි !
10
මලපනිනව !
7
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අධ්‍යාපනයේ කඩිනම් වෙනසක් අවශ්‍ය බවට, ජනපතිගෙන් ප්‍රකාශයක්

අධ්‍යාපනයේ නව නැම්මක් සඳහා අවශ්‍ය වෙනස්කම් කඩිනමින් හඳුන්වා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ...

කියපු දේ වරදවා වටහාගෙන – කාදිනල් හිමියන් කියයි (වීඩියෝ)

පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකිරීම සඳහා ලබන අප්‍රේල් 21 වන දින පෙරවරු 8.45 සිට විනාඩි...

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට වසර 2යි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට වසර 2 ක් ගත වී තිබෙනවා.ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිපත්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x