බමණ මතින් සිටි පියාගේ නොහික්මුණු ක්‍රියාවෙන් අයියා – නගෝ මාඔයට බිලි

පියා සමග මා ඔයේ දිය නෑමට ගිය 9 හැවිරිදි සහ 5 හැවිරිදි දරුවන් දෙදෙනකු දියේ ගිලී මියයාමේ පුවතක් රඹුක්කන පොලිස් වසමට අයත් බොලගමින් වාර්තා වේ.

මෙසේ දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ රඹුක්කන වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි අදීෂ නෙතුමිණී විජේසූරිය නමැති 9 හැවිරිදි පිරිමි දරුවකු සහ ගඟුලි නිම්සාරා විජේසූරිය නමැති 5 හැවිරිදි ගැහැනු දරුවෙකි.

වැඩිමහල් දරුවා වූ අදීෂ නෙතුමින වැලිකන්ද කනිටු විදුහලේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අතර බාල දරුවා වූ ගගුලි නිම්සරා ලබන වසරේදී එම විදුහලේ 1 ශ්‍රේණියට ඇතුළත් කිරීමට නියමිතව තිබුණි. බීමත්ව සිටි දරුවන්ගේ පියා නිවසට සැතපුමක් පමණ දුරින් පිහිටි මාඔයේ බොලගම මංකඩට දිය නෑමට දරුවන් දෙදෙනා සිය යතුරුපැදියෙන් කැඳවාගෙන එහි යාමට සූදානම් වන විට ඔවුන්ගේ මව සහ කිරි අම්මාද බලවත් සේ ඊට විරෝධය පළකර ඇත. එහෙත් එය නොතකමින් ඔහු දරුවන් දෙදෙනාද රැගෙන යතුරුපැදි වේගයෙන් පිටත්ව ගොස් තිබේ. මද වේලාවකට පසුව නිවසට පැමිණි ඔහු දරුවන් එහි නොමැති බව දැන බිරිඳ සමග යතුරුපැදියෙන්ම මාඔයේ ඔවුන් දිය නෑ ස්ථානයට ගොස් තිබේ. දරුවන් දෙදෙනා අතුරුදන් වී ඇති බව දුටු බිරිඳගේ කෑ ගැසීම ඇසී එතැනට එක් වූ අවට ජනතාව දරුවන් සෙවීමට පටන්ගෙන තිබේ.

වැලිකන්ද ප්‍රදේශය කම්පා කළ මෙම සිද්ධිය ගැන තොරතුරු සොයා අප වැලිකන්දේ පිහිටි එම නිවසට යන විට එම දරුවන්ගේ මව වූ ඇන් ජී. බණඩාර මැණිකේ (41) මහත්මිය දියේ ගිලී මියගිය තම පුතුගේ සිරුර රැගෙන ඒම සඳහා කෑගල්ල මහ රෝහලට ගොස් සිටි අතර නිවසේ සිටි කිරි අම්මා වන ඩී. ඒ. සෝමාවතී (71) මහත්මිය අප සමග මෙසේ කීවාය.

‘‘මියගොස් ඇත්තේ මගේ දුවගේ දරුවන් දෙදෙනායි. මමත් පදිංචිව ඉන්නේ දුවගේ ගෙදරමයි. පසුගිය සිකුරාදා දහවල් එකහමාරට විතර හොඳටම බීමත්ව ගෙදර ආපු බෑණා දරුවෝ දෙන්නට මාඔයේ දිය නාන්න යන්න කතා කළා. වෙනදා ළමයි දෙන්නා නාන්නේ ගෙදරින්මයි. දුවත් මමත් දෙන්නාම එයට විරුද්ධ වුණා. නමුත් බෑණා දරුවෝ දෙන්නා මෝටර් සයිකලේ නංවාගෙන වේගයෙන්ම පිටත්ව ගියා. ඊට ටික වේලාවකට පස්සේ ළමයි දෙන්නාගේ ඇඳුම් ටිකත් අරගෙන ගෙදර ආපු බෑණා දරුවෝ ගෙදර ආවාද කියලා ඇහුවා. අපි ආවේ නෑ කිව්වට පස්සේ එහෙනම් ඔයට වැටෙන්න ඇති කියලා බයිසිකලය ආපසු හරවාගෙන යන්න හදනකොට දුවත් ඒකේ නැගලා ගියා.

පස්සේ බෑණා දරුවෝ හොයන්න කියලා ඔයට පැනලා තියෙනවා. බෑණනත් ගිලෙනවා දැකපු කීප දෙනෙක් එයාව පැනලා බේරගෙන ගොඩට ගෙනත් තියෙනවා. ළමයි එක්ක ඔයට ගිය බෑණා උණ පඳුරක් යට බයිට් කකා ඉන්නකොට නින්ද ගිහින් තියෙනවා. ඇහැරිලා බලනකොට ළමයි දෙන්නා දකින්න ලැබුණේ නැති නිසා කාටවත් නොකියා ගෙදර ඇවිදින් තියෙනවා. දරුවන්ගේ අතුරදන්වීම ගැන එතැන හිටපු අය පොලිසියටත් දන්වලා තියෙනවා. පොලිසියෙන් එනකොට පිරිසක් ඔයට බැහැලා දරුවෝ දෙන්නා ගැන හොයනකොට තවත් කට්ටියක් බෑනට බැණලා පහර දෙන්න පටන් අරගෙන තියෙනවා. පොලිසිය ඒ පාර එයාව බේරාගන්න පොලිසියට අරගෙන ගිහින් තියෙනවා.

මාඔයේ දියේ ගිලී මියගිය පිරිමි දරුවාගේ සිරුර එදින සිකුරාදා දින සවස 4.00 ට පමණ සොයාගත් අතර ගැහැනු දරුවාගේ සිරුර සොයා ගැනීම සඳහා පොලිසියේ හා නාවුක හමුදාවේ කිමිදුම් කණ්ඩායම් එක්ව සිටි අතර ගැහැනු දරුවාගේ සිරුර සෙනසුරාදා සවස 5.00 ට පමණ සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝ මීටරයක් පමණ දුරින් වූ යෝදගම ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකි විය. මියගිය දරු දෙදෙනාගේ අවසන් කටයුතු ඊයේ (27 වැනිදා) සවස සිදු කිරීමට නියමිතව තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
105
27.svg?v=2.6
මලපනිනව !
17
30.svg?v=2.6
කුජීතයි !
3
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පෞද්ගලික අංශයේ සේවකයිට ලැබූණු සහනය

පුද්ගලික අංශයේ සේවකයින්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත යොමු කල කැබිනට්...

කැළණි පාලම හරහා කොළඹට ඇතුල්වෙන ඔබට දැනුම් දීමක්

කැළණිය පාලම හරහා රථවාහන කොළඹ නගරයට ඇතුලත් කිරීමේදී ඇතිවී තිබෙන අධික මාර්ග තදබදය අවම...

බෙල්ලන්විල පන්සල් භූමියේ බෝම්බයක්

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වලාකුළු බැම්ම අසල තිබී අත්බෝම්බයක් අද (13) හමුවී තිබේ. විහාරස්ථානයේ සේවකයින් දෙදෙනකු...

භූ කම්පනයකින් තිදෙනෙකු මරුට

ඉන්දුනීසියාවට අයත් බාලි දිවයිනේ අද උදෑසන ඇති වූ භූ කම්පනයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්...

ඔස්ට්‍රේලියාවට යන්න අලුත් ක්‍රමයක්! ස්ථිර පදිංචියටත් අවස්ථාව!

නව වීසා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. එය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x