බරැක් ඔබාමාගේ කෙන්යානු මිත්තණිය මිය යයි

ඇමෙරිකාවේ හිටපු ජනපති බරැක් ඔබාමාගේ මිත්තණියක වන කෙන්යාවේ පදිංචි වී සිටි සාරා ඔබාමා අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

99 හැවිරිදි වියේ පසුවූ ඇය රෝහලකදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. බරැක් ඔබාමා ආදරයට ඇයට අමතා තිබෙන්නේ ග්‍රැනී සාරා යන නමිනුයි. 2008 වසරේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර බරැක් ඔබාමා ඇමෙරිකාවේ උපත නොලැබූ මුස්ලිම් ජාතිකයෙකු බවට චෝදනා එල්ල වෙද්දී ඔබාමා වෙනුවෙන් සාරා ඔබාමා පෙනී සිටියා.

පසුව බරැක් ඔබාමා ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා ලෙස ඡන්දයෙන් තේරී පත් වීමෙන් පසු සාරාගේ නිවස සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවටද පත් වුවා. බරැක් ඔබාමාගේ සීයාගේ තුන් වන සහ ලාබාලතම බිරිඳ වූයේ සාරා ඔබාමායි.

ඇය කෙන්යාවේ කිසුමු නගරයේ රෝහලකදී මියගොස් ඇති අතර සාරා ඔබාමා සතියක පමණ කාලයක් රෝගී තත්ත්වයෙන් පසුවූ බවයි. කෙසේ නමුත් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

21 සිට පාසල්වලට අභ්‍යාසලාභි උපාධිධාරීන්

මේ මස 21 වනදා පාසල් ආරම්භ කිරීමේදී රජය විසින් පත්වීම් ලබාදුන් උපාධිධාරීන් 60,000ගෙන් ගුරු...

ජවිපෙත් කුඹුරට බහී! විජිත කුඹුරෙ ඉඳන් මහින්දානන්දට පහර දෙයි!

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මොළෙන් නොව ඇගෙන් වැඩ කරන ඇමැතිවරයකු බව ජවිපෙ පාර්ලිමේන්තු...

සුරූපී තරුණිය ඇඳක් මත අභිරහස් ලෙස මිය ගිහින්

වසර හතරක පමණ සිට මෙරට ජීවත් වූ ජර්මන් ජාතික කාන්තාවකගේ මළ සිරුරක් අද (15)...

ඩිල්ෂාන්ගේ අමතක නොවන උපන් දින සාදය – Photos

මෙරට හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩන ටී.එම් ඩිල්ෂාන්ගේ 45 වන උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.ඔහු සිය...

ගව ඝාතනය තහනම් කිරිම ගැන නව තොරතුරක්

ගව ඝාතනය නතර කිරිමට අදාල පනත් සහ ආඥාපනත් 05ක් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, 272 අධිකාරය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x