බලු ඉවෙන් කොවිඩ් රෝගීන් හඳුනා ගන්න පුළුවන්ලු

පුහුණු සුනඛයෙකුට ඉවෙන් යමෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති දැයි හඳුනාගත හැකි බව බ්‍රිතාන්‍යයේ කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ඒ අනුව කොවිඩ්-19 සටනේදී සුනඛයන්වද ආසාදිතයන් හඳුනා ගැනීමට යොදාගත හැකි බව විද්‍යාඥයෝ පවසයි.

ලන්ඩන් සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලය සහ ඩර්හැම් විශ්ව විද්‍යාලය අතර සහයෝගීතාවයෙන් වෛද්‍ය හඳුනාගැනීමේ පුහුණු සුනඛයන් පිරිසක් යොදාගෙන සිදුකළ මෙම අධ්‍යයනයේ පළමු අදියර සම්පූර්ණ කළ බව විද්‍යාඥයෝ පවසයි.

ඒ අනුව වයස අවුරුදු 04 සිට 06 දක්වා වූ පුහුණු සුනඛයන් 06 දෙනෙකු මෙම අධ්‍යයනයට සහභාගී වී ඇත

මෙම කණ්ඩායමට ලැබ්‍රඩෝ, ගෝල්ඩන් රිට්‍රීවර් සහ කොකර් ස්පැනියල් යන වර්ගවල සුනඛයන් අයත් වී ඇති අතර සති 06 සිට 08 දක්වා පුහුණුවීමෙන් පසු කොවිඩ්-19 ආසාදනය වී ඇතිදැයි ඉව කිරීමෙන් හඳුනා ගැනීමට සුනඛයන්ට හැකි වූ බව පර්යේෂකයෝ පවසයි.

ඒ අනුව මෙම අධ්‍යනයේ මුල් ප්‍රතිඵල පූර්ව මුද්‍රිත අධ්‍යයනයකින් ප්‍රකාශයට පත් කර ඇති නමුත්, මෙය තවදුරටත් සමාලෝචනයක් ලෙසින් හෝ වෛද්‍ය සඟරාවක ප්‍රකාශයට පත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ආත්ම දෙකක් සැරිසරන අද්භූත බෝනික්කන්ගේ දූපත

අපි මේ කියන්න යන්නේ ලෝකෙ තියෙන බය හිතෙනම තැන්වලින් එකක් ගැන. මේ තමයි මෙක්සිකෝවෙ තියෙන...

විමල් රථගාය ඇති කොල්ලන්ට අවස්ථාව දෙයි,මේඩින් ඉන් ශ්‍රී ලංකා සන්නාමය සහිත වාහනයක් එයි

30%ක දේශීය අගය එකතු කිරීමක් සහිතව පළමු වරට දේශීයව එකලස් කරන ලද ජීප් රථයක්...

ප‍්‍රබල දේශපාලන නායකයකුගේ පුතෙක් එක්ක සමාජ ශාලාවක කොකෙන් බීලා පිස්සු නටලා හිරෙත් ගියා

මීගමුවේ ‘බෙපෙස්දා පුනර්ජීවන මධ්‍යස්ථානය’ කුඩු නිසා වැනසුණු ජීවිත සුවපත් කරන ආයතනයකි.එම මධ්‍යස්ථානයේ භාරකරු දළුවත්තගේ...

එශානි ලොකුසුරියගේ ක්‍රිකට් පිටියෙන් සමුගනී

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක එශානි ලොකුසුරියගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන...

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමුදෙයි

ලෝක කුසලාන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිකට් උපදේශකවරයෙකු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x